සචින් තෙන්ඩුල්කාර් සබරගමුවට

ARUNA LK NEWS
08 August 2023
දකුණු ආසියානු යුනිසෙෆ් ළමා කළාපීය සුහද තානාපති වශයෙන් කටයුතු කරන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් යුනිසෙෆ් සංවිධානයේ වැඩසටහන් කීපයකට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ ඇත.
සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායකගේ ආරාධනයකට අනුව ඊයේ (07) ක්‍රීඩා ක්ෂේත්‍රයේ පෙරළිකාර ග්‍රාමීය පාසලක් වන රුවන්වැල්ල පල්ලේකණුගල කණිෂ්ට විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ඔහු සහභාගී වූයේය.
එහිදී එම පාසලට ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානයක්ද සිදු කෙරුණු අතර පාසල් සිසුන් සමඟින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටත් සචින් අමතක නොකළේය.