Lanka News UK- September 2025 , Issue E paper is out now..!

ලංකා නිවුස් යුකේ – සැප්තැම්බර් – අන්තර් ජාල පුවත්පත Online Newspaper… See more
සංක්‍රමණ විරෝධි අන්තවාදී දක්ෂිණාංශික රැල්ල ලන්ඩන් හරහා ලොවපුරා හමායයි.
මෙම රැළි අද වනවිට බි්‍රතාන්‍යය, ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය පෝලන්තය හා ඕස්ටේරලියාව දක්වා පැතිරයමින් පවතී. මෙම රැළිවලින් එම රටවල ඒ සඳහා සහභාගිවූ ජනතාව කියාසිටියේ දැනට සිදුවෙමින් තිබෙන සීඝ්‍ර සංක්‍රමණික ක්‍රියාදාමය වහා නතර කරන ලෙසය. මේ ක්‍රියාදාමය තම රටවලට අහිතකර බවත්, ඔවුන්ට මහත් හිරිහැරයක්, බලවත් අසාධාරණයක්, මේ ලිහිල් ප්‍රතිපත්ති නිසා සිදුව ඇති බව පවසා තිබුණි. විශේෂයෙන් ඔවුන් සිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අනීතිකව මේ රටවල පැමිණෙන සරණාගතයින් නතර කිරීම පිණිස සංක්‍රමණ නීති තවත් තද හෝ ප්‍රංශ රජයේ සහය ඇතිව නතර කරණ ලෙසය. මෙම සිදුවීම් ඉහත සඳහන් රටවලට සංචාරකයින් ලෙස නිකරුනේ පැමිණෙන හා සරණාගතයනට විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණක් වේ. තවද මේ ප්‍රවණතාවය මෙම රටවල දිගු කළක් ජිවත්වන සංක්‍රමණිකයන්ටද එල්ල කරනු ලබන රතු එළියක් බවද කිවයුතුය.
ලන්ඩනයේ පසුගිය සැප්තැම්බර් 13 වන සෙනසුරාදා පැවැති සංක්‍රමණ විරෝධී රැළියට 100,000 කට අධික පිරිසක් සහභාගිවී තිබුණි. මේ නිසා ලන්ඩනයේ මාවත් සියල්ලම වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණේය. තවද ලන්ඩනයේ වයිට් හෝල්හි පැවතී තවත් 5000 පමණ රැස්ව සිටි රැළියක දී පොලිසිය අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් සමඟ ගැටී විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම් සිදු කෙරුණි. මේ පෙළපාලියට සහභාගිවූ අන්ත දක්ෂිණාංශික කැරළිකරුවන් සුළු පිරිසක් පොලිසිය සමග ගැටුම් ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහිදී පොලිස් නිලධාරින් 26 දෙනෙකු තුවාල ලබා තිබුණි. මේ අතර පොලිසියේ ඉන් 4 දෙනෙකුගේ තත්වය බරපතල බව බි.බි.සි. හා ස්කයි රුපවාහිනී පුවතක සඳහන්ව තිබුණි.
එක්සත් රාජධානියට 2024 වසරේ දී 36,816 හා 2025 දී, 30,164 ක් ඩිංගි බෝට්ටුවල (පිම්බෙන රබර් බෝට්ටු) නැගී බි්‍රතානයයට ප්‍රංශය හරහා පැමිණි සරණාගතයින්ගේ සංඛාව විය. මේ අතර 2018 -2025. පැමිණි සරණාගතයින්ගේ සංඛාව 1,80,000 විය. මෙයින් වැඩි පිරිසක් පැමිණ තිබුණේ ඉස්ලාම් සම්බවයක් පවතින ඇෆ්ගනිස්තානය, සිරියාව, පලස්තීනය, ඉරානය, ඉරාකය සෝමාලියාව වැනි රටවලින් හා අප්‍රිකානු රටවල් වූ නයිජිරියා, සුඩාන්, ඇතුළු සෙසු රටවලිනි. මේ අතර ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය හා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් වලින්ද සරණාගතයින් ලෙස බි්‍රතාන්‍යට පැමිණ තිබුණි.
ගුවන් මගින් මෙහි පැමිණ අයදුම් කළ සරණාගතයින්: 2024 දී 84,200කි. වාර්තාගත ඉහළම වාර්ෂික සංඛ්‍යාව පුද්ගලයින් 108,100 කි. 2025 මැද භාගය වන විට වැඩිවීම: 2025 ජුනි මාසයෙන් අවසන් වන වසර තුළ අයදුම්පත් 88,700 දක්වා තවත් වැඩිවීමක් දක්නට ලැබුණි. එය පුද්ගලයින් 111,100 කි. එනම් සිය පවුලේ අයද ඇතුළු ගණන හැඳින්වේ. මෙහි ප්‍රධාන ගැටලුව නම් රජය විසින් ඔවුනට නිවාස, පාසල්, යැපීමේ ආධාර මාස් පතා කාලයක් තිස්සේ රජය විසින් දැරිය යුතු වීමය. මෙම මුදල් මෙහි වෙසෙන ජනතාවට වැය බරක්වේ. ජනතාවගේ විරෝධය ඇතිව ඇත්තේ වාර්ෂිකව ඔවුනට වැඩි මුදලක් ඒ සඳහා පළාත් ආයතන වලට ගෙවීමට සිදුව තිබීමය.
මෑතකදී එක ඩිංගි බෝට්ටුවක නැගී ශ්‍රී ලංකාවෙන්ද 200-300 අතර පිරිසක් එංගලන්තයට යුරෝපය හරහා පැමිණි බව කියවෙන පුවතක් පිලිබඳ යු ටියුබ් වාර්තාවක සඳහන් කර තිබුණි.
සංක්‍රමනිකයනට එරෙහි මේ රැළි අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වූ රිෆෝම් යුකේ පක්ෂයේ නායක නයිජල් ෆෙරාජ් ගේ මෙහෙයවිමෙන් මෙම රැලි සංවිධානය කර තිබුණේ එකී පක්ෂයේ සංවිධායකු වූ ටොම් රොබින්සන් ය. මෙම පක්ෂයේ සංවත්සර රැළියකදී නයිගල් ෆෙරඩ් පවසා තිබුණේ සිය සාමාජිකයිනට ළඟදීම මහා මැතිවරණයකට සුදානම්ව සිටින ලෙසය.
බි්‍රතාන්‍යයේ දැනට බලයේ සිටින කම්කරු නැතිනම් ලේබර් පක්ෂය සරණාගත සංක්‍රමනික ප්‍රශ්නය පිළිබඳ ඉතා ළිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබුවේය. හිටපු කොන්සවේටිව් පක්ෂය සරණාගත සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි නීති ගෙනා අතර ඔවුන් අනීතිකව පැමිණි පිරිස වෙනම නැවක රඳවා අප්‍රිකාවේ රුවන්ඩාවට යැවීමට සැළසුම් කර තිබුණි. නමුත් ඒ සඳහා විපක්ෂයේ සිටි දැනට බලයේ සිටින කම්කරු පක්ෂය හා අධිකරණය එයට හරස්විය. මෙනිසා සියල්ල සඳහා වියදම් කළ කෝටි ගණනක මුදල් සම්භාරයක් අපතේ ගොස් තිබුනේය.
ජාතිකවාදී, ඉස්ලාම් විරෝධී බලපෑම්කරුවෙකු වන ටොමී රොබින්සන් විසින් සංවිධානය කරන ලද ලන්ඩන් රැළියේ තේමාව වුයේ ‘රාජ්‍යය එක්සත් කරන්න’ යනුවෙනි. හැම කෙනෙකුම අතේ බි්‍රතාන්‍ය ධජය මෙන්ම රතු හා සුදු පැහැති ශාන්ත ජෝජ් ධජයද අතැතිව කියා සිටියේ පවතින කම්කරු රජය පලවා හැරිය යුතුය මෙන්ම “අගමැති කිර් ස්ටාමාර් ඉවත්විය යුතුය” යනුවෙනි.
මෙම රැළිය ලොව ධනවත්ම මිනිසා ලෙස හැඳින්වන ඉලෝන් මස්ක් ද අන්තර් ජාලය ඔස්සේ මේ රැළිය ඇමතීම විශේෂ සිදුවීම ලෙස හැඳින්විය හැකි. ඉලෝන් මස්ක් රිෆෝම් යුකේ නායක නයිජල් ෆෙරාජ්ගේ සමීප මිතුරෙකු වූ අතර ඔහු පවසා තිබුනේ ද “පවතින රජය පළවා හැරිය යුතු බවය”.
මෙම පක්ෂයේ වත්මන් සභාපති වන්නේ ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති කෝටිපති ව්‍යාපාරිකයෙකුවූ ෂියා යුසුෆ්ය. ඔහු ගේ පියා දොස්තර කෙනෙකුවූ අතර මව හෙදියක් විය. ඔවුන් ස්කොට්ලන්තයට පැමිණ තිබුණේ 1950 ගණන් වලදී බව සඳහන්වේ. ඔහු උපත ලබා තිබුනේ ස්කොට්ලන්තයේදීය. මේ අලුත් ප්‍රවණතාවය නිසා දිගු කලක් තිස්සේ මෙහි වෙසෙන බොහෝ දෙනෙකු තුල අවිනිශ්චිත සිතුවිළි මතුව ඇති බව මේ පිලිබඳ අප විසින් කරන ලද විමසීමකදී අපට ජේෂ්ඨ පුරවැසි කිහිප දෙනෙකුගෙන් දැන ගන්නට ඉඩකඩ සැළසුනි.
නීතීඥ ශා

න්ත සේනාධීර