සංක්‍රමණිකයන් රුවන්ඩාවට යැවීමට විරුද්ධයි

0
392

සංක්‍රමණිකයන් රුවන්ඩාවට යැවීමට විරුද්ධයි

LANKADEEPA LK NEWS
කතෘ මණ්ඩලය 2023 ජුලි මස 01
(විමුක්ති එස් රුද්‍රිගු)


බ්‍රිතාන්‍යයට සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණෙන ඇතැම් සංක්‍රමණිකයන් රුවන්ඩාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය නීත්‍යානුකුල නොවන බව බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය තීන්දු කළේය.

මානුෂීය සීමා අභිබවා යමින් බ්‍රිතාන්‍ය රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මතභේදාත්මක සංක්‍රමණ ප්‍රතිපත්තියට නිසි පිළිතුරක් අභියාචනාධිකරණ තීන්දුවෙන් ලැබී තිබෙන බව දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත.

මීට පෙර සරණාගතයන් පිටුවහල් කිරීම සඳහා තුන්වෙනි පාර්ශ්වයේ රටක් ලෙස රුවන්ඩාව සලකා බැලීම ආරක්‍ෂිත බව බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දු කර තිබිණ.ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව මගින් මහාධිකරණය ලබා දී තිබූ තීන්දුව බල රහිත කර තිබේ.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව පවතී.

බ්‍රිතාන්‍යයට නීති විරෝධීව පැමිණ සරණාගතභාවය අපේක්ෂා කරන්නන් අප්‍රිකා රටකට පිටුවහල් කිරීමට එරට රජය යෝජනාවක් ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here