ශීතකරණයේ දොර මත රඳවා තිබුණු ඩොලර් මිලියන 2 වාසනාව

0
339

ශීතකරණයේ දොර මත රඳවා තිබුණු ඩොලර් මිලියන 2 වාසනාව
MAWBIMA LK NEWS
By Tharaka Samman -ජූලි 28, 2023



තම ශීතකරණයේ දොර මත රඳවා තිබුණු ලොතරැයි පතකින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් ජයග්‍රහණය කළ කාන්තාවක පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

සිඩ්නි නුවරට ආසන්න නගරයක් වන ලෙපිංටන් නගරයේ දිවි ගෙවන කාන්තාවක මෙම ත්‍යාග මුදල ජයග්‍රහණය කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේ ය.

අදාළ ලොතරැයි පත ජූනි මස 24 වන දා දිනුම් ඇද තිබුණ ද එය තම නිවසේ ඇති ශීතකරණයේ දොර මත රඳවා තිබුණු අතර, ඇය එය පරීක්ෂාවට ලක් කර නොමැත.

කෙසේ වෙත ත්, ඇය තම නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය මිල දී ගැනීමට නිවසින් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ ලොතරැයි පත දැක, එය මිලට ගෙන ටික කලක් ගත වී ඇති බැවින් එය පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.

ලොතරැයි පත ස්කෑන් කළ අවස්ථාවේදී, එය අයත් සමාගමට හැකි ඉක්මනින් දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙසට පණිවිඩයක් ලැබී ඇත.

එහිදී තමන් ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් දිනා ඇති බවට දැනගෙන තිබේ.

උකස් කර ඇති තම නිවස එම මුදලින් බේරා ගැනීමට කටයුතු කරන බවට ත් ඉතිරි මුදල තම දරුවන්ගේ ශුභසාධනය වෙනුවෙන් යොදවන බවට ත් ඇය ප්‍රකාශ කර ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here