
ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලකුණු 196යයි
ARUNA LK NEWS
30 August 2024
එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පිළිතුරු ඉනිම ක්‍රීඩා සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 196ක් පමණී.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හුදකලා සටහනක නිරත වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් ලබා ගත්තේය.
තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් එංගලන්ත පිල ලකුණු 427ක් රැස්කර ගැනීමට සමත් විය.
එංගලන්ත ඉනිම වෙනුවෙන් ජෝයි රූට් ලකුණු 143ක් රැස්කර ගත්තේ පන්දු 206ක් තුළදීය.
ඊට හතරේ පහර 18ක් ද ඇතුළත් වේ.
වේගවත් පිතිහරඹයක නිතර වූ ගස් ඇට්කින්සන් පන්දු 115කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 118කි.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 14ක් ද ඇතුළත් වේ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.
හෙට තරගයේ තුන්වැනි දිනයයි