27/04/23 – 4 hours ago
ශ්‍රී ලංකා පිල කඩුළු 3ක් දැවී ලකුණු 704 යි- අයර්ලන්තය කඩුළු 2ට ලකුණු 54යි
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉනිමක දී වාර්තාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ක්‍රිකට් විචාරකයන් විසින් සඳහන් කරයි..එය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමක වාර්තා කළ 7 වන ඉහළම ලකුණු සංඛ්‍යාව ව ලෙස ද සැළකේ.ටෙස්ට් ඉනිමක දී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම ශතක වාර්තා කළ පළමු අවස්ථාව ද මෙයවේ.
ඉන් දෙදෙනෙකුම ද්විත්ව ශතක වාර්තා කිරීම මෙම තරඟයේ විශේෂත්වයක් විය..නිශාන් මධුෂ්ක මෙන්ම කුසල් මෙන්ඩිස් ද අද සිය මංගල ද්විත්ව ශතක මෙහිදී වාර්තා කළේය.
කුසල් මෙන්ඩිස් මේ වනවිට ලකුණු 245ක් රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 11ක් ඇතුළත් විය.එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ටෙස්ට් ඉනිමකදී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලෙස වාර්තාවල සඳහන්වේ.තවද නිශාන් මධුෂ්ක ලකුණු 205ක් රැස්කරගත් අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස්කර ගෙන තිබුණි.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද වූ අතර ශ්‍රීලංකා කණ්ඩායම මේ තරඟයේ මේ වනවිට ප්‍රබල ස්ථානයක පසුවේ.
අද දිනය නිමා වන විට දෙවැනි ඉනිම සදහා පළමුව පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත පිල කඩුළු 2ක් දැවී ලකුණු 54ක් රැස්කර ගෙන සිටි බව ඒ පිලිබඳ පලවූ පුවත්පත හා රුපවාහිනී වාර්තාවල සඳහන්වේ.
අයර්ලන්ත පිලේ මුල් පෙළ කඩුළු 2 ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් විසින් .ලබා ගෙන තිබුණි.
නිශාන් මධුෂ්ක මෙන්ම කුසල් මෙන්ඩිස් ද අද දිනයේ සිය මංගල ද්විත්ව ශතක වාර්තා කළේය.
එහිදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද සිය 15 වන ශතකය රැස්කිරීමට සමත්විය.
අයර්ලන්ත පිල සිය පළමු ඉනිම සදහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 492කි.ඒ අනුව මේ වන විට අයර්ලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 158ක් පසුපසින් සිටී.තරඟයේ අවසන් දිනය හෙටට යෙදී තිබේ. තරඟය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට හැකිවේද හෝ ලංකා පිල ජයග්‍රහණය කරාවිද යන්න හෙට දිනදී තීරණය වීමට නියමිතය.
(මම සේයාරූ ලංකාදීප කෙළි මණ්ඩලෙන් ලබගතබව කරුණාවෙන් සළකන්න- ඒවායේ අයිතිය එහි මුල් අයිතිකරුවන් සතු බව සළකන්න)