ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10කට උපහාර

0
96

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10කට උපහාර

SILUMINA LK NEWS

December 21, 2024

නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජ­ය­මුණි මහතා අතින් උපහාර සම්මාන ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ජේ. ශීලා වික්‍රමරත්නනියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජ­ය­මුණි මහතා අතින් උපහාර සම්මාන ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ජේ. ශීලා වික්‍රමරත්න

රටේ මාධ්‍යයේ අවකාශය. අයිති ජනතාවට බවත් වත්මන් රජය රජයේ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය භාවිත කිරීමේ කිසිදු සූදානමක් හෝ සැලැස්මක් නොමැති බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවැසීය.

ඒ මහතා ඒ බව පැවසුවේ මෙරට පැරැණිම මාධ්‍ය සංගමය වන ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 69 වැනි සංවත්සර උලෙළට සහභාගි වෙමිනි.

‘’මාධ්‍ය අවකාශය ඉතාම අසාධාරණ විදිහට යම්කිසි ප්‍රාග්ධනයක් විසින් අත්පත්කරගෙන තිබෙනවා. මාධ්‍ය අවකාශය පිළිබඳ ජනතාවට තියෙන අයිතිය ප්‍රාග්ධනය විසින් යටපත් කරගෙන යම්කිසි පුද්ගලයන් පිරිසක් භාවිතා කරනවා නම් එය ඉතා නරක තත්ත්වයක්.

මේ සියලු ක්ෂේත්‍ර ගැන අප සාකච්ඡා කළ යුතුව තිබෙනවා. රජයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ කාරණා සම්බන්ධව ඔබගේ ආයතන සමඟ, ඔබගේ සංවිධාන සමඟ වඩාත් ළෙන්ගතුව සංවාදයක් පවත්වාගෙන යන්න. ඒ සඳහා උපරිම දායකත්වය අපි දෙනවා.’’

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 69 වැනි සංවත්සරයේදී ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ මාධ්‍ය සම්මාන ප්‍රදානය පසුගිය 17 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී සිදු කරන ලද්දේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10 දෙනකු උදෙසාය.

සියලු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට සම්මාන පිරිනැමීම නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි මහතා අතින් සිදු කෙරිණි.

ඒහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන පී. බී. ඉලංගසිංහ, තුසිත මලලසේකර, දයා ලංකාපුර, එස්. එස්. සෙල්වනායගම්, එන්. එම්. අමීන්, වී. තනබාලසිංහම්, ඇලෙක්සැන්ඩර් බාලසූරිය, ස්ටැන්ලි සමරසිංහ, උපාලි අරඹවෙල සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී ජේ. ශීලා වික්‍රමරත්න මහත්ම මහත්මීන්ට සම්මාන උපහාර පුද කරන ලදී. අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා උපාලි අරඹේවෙල මහතා සම්මාන ප්‍රදානයට පැමිණ සිටියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here