ශ්‍රී ලංකා – නවසීලන්තය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

0
114

ශ්‍රී ලංකා – නවසීලන්තය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ARUNA LK NEWS
26 September 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26)ආරම්භ වීමට නියමිතව තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පෙරවරු 10.00ට තරගය ආරම්භ වීමට නියමිතය.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර මිලාන් රත්නායක සහ නිශාන් පීරිස් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

ළහිරු කුමාර සහ රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බව සඳහන්ය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 63කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here