ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 16කට පසු ලෝක කුසලානයට කෙළින්ම යයි

0
67

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 16කට පසු ලෝක කුසලානයට කෙළින්ම යයි
DIVAINA LK NEWS
සුසිල් ජයකොඩි
December 25, 2024

වසර 16කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුවන්නේ පස්වැනි ස්ථානයේය.

වෙලින්ටන්හිදී පැවැති ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම හමුවේ පැවැති එක්දින තරගයේ ද නවසීලන්තය ලකුණු 75කින් පරාජය වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන තහවුරු කරගනිමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට යෑමට අවස්ථාව උදා වී තිබේ.

එළැඹෙන 2025 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

තවද ලෝක කුසලානය සඳහා ඍජුවම සුදුසුකම් ලැබූ අනෙක් රටවල් වන්නේ ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

සුසිල් ජයකොඩි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here