ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ජයක්

0
324

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ජයක්
ARUNA LK NEWS
02 September 2023

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට අද (02) සමත්විය.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 104ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය ජයග්‍රහණය කඩුලු 2ක් පමණක් දැවී ලබාගැනීමට සමත්වූහ.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 31කදී ලකුණු 55ක් රැස්කළාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here