
මෙහෙම ගියොත් 20240 දීවත් ලෝක කුසලානය දිනන්න බෑ –
ක්‍රීඩා ඇමති
Ada – අද
04/11/23
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයෙන් සිටින බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, මේ මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී , ඔවුන්ට අත්‍යාවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී, ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහි විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදවා ගැනීම ඛේදනීය තත්ත්වයක් බවත්, සමස්ථ ක්‍රීඩාවට හා ක්‍රීඩා ලෝලීන් පිළිබඳව සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවි බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස අවධාරනය කරන බව වැඩිදුරටත් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර සිටී.