ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ටෙස්ට් තරඟාවලිය 2.-0 විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්විය

0
323


Lanka News UK
28/04/23

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද 28දා පැවැති දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලට ඉනිමක හා ලකුණු 10 ජයක් අත්කර ගැනීමට සමත්විය.

ටෙස්ට් තරග දෙකකින් සමන් විත මෙම තරගාවලිය 2ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වි
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 492ක් රැස්කර ගැනීමට සමත් විය.
අනතුරුව පිළීතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 3ක් දැවී ලකුණු 704ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය ගෙන තිබුණි.

ඒ අනුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි අයර්ලන්ත පිලට සියලුදෙනා දැවී රැස්කර ගත හැකියේ ලකුණු 202ක් පමණී.

ශ්‍රී ලංකාව ජය ග්‍රහණය කල 100 වැනි ටෙස්ට් මෙය වූ අතර එහිදී වාර්තා කිහිපයක්ම බිඳ දැමීමට අපේ ක්‍රීඩකයන් සමත් වුහ.ශ්‍රී ලංකාවේ 100 වැනි ටෙස්ට් ඉතිහාසයේ ජයග්‍රහණය ලෙස මේ තරඟාවලිය සැලකේ.ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පිට පිටම දෙවැනි වරටත් අයර්ලන්තය ඉනිමකින් පරාජයකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

වර්ෂ 1982 පෙබරවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ටෙස්ට් තරග 311 කට සහභාගි වී තරග 100 ක් ජයග්‍රහණය කරමින් තරග 92 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ. තරග 119 ක් පරාජය වි ඇතැයි වාර්තාවල සඳහන්වේ.

එම ජයග්‍රහණ අතරේ ශ්‍රී ලංකාවේ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ද පසුගියදා පැවති පළමු අයර්ලන්තයේදී සනිටුහන් කිරීමට අප ක්‍රීඩකයන් සමත් වුහ. ගාල්ල ක්‍රීඩාංගණයේදීම පැවති එම තරඟයේදී . එය ඉනිමකින් සහ ලකුණු 280 ක ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිළ සමත්විය. දිත්ව ශතක 2 ලබාගැනීමත් පන්දු යැවීමේදී ලෝකවර්තාවක් තැබීමට හැකිවීමත් මේ තරඟා වලිය තුල හැකිව තිබීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකිය.

(මෙම සේයාරූ ලංකාදීප කෙළි මණ්ඩලෙන් ලබා ගත් ඒවා බව කරුණාවෙන් සළකන්න- ඒවායේ අයිතිය එහි මුල් අයිතිකරුවන් සතුය.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here