ශ්‍රී ලංකාව ලෝක කුසලාන 20X 20 තරඟාවලින් පළමු වටයෙන්ම ඉවතට
14 June 2024
ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ මුල් වරට පැවැත්වූ ලෝක කුසලාන 20X 20 තරඟාවලියේ මුල් තරඟ දෙකක් පරාජයට පත්වූ අතර තෙවැනි තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ නේපාලය සමගය.එයද එහි පැවතී වැස්සෙන් බාධාවී තරඟය නොපැවැත්විණි.
මේ අනුව ප්‍රසාධ ලකුණු 1 බැගින් කණ්ඩායම් 2 කටම ලබාදී තිබුණි.අනතුරව
ඒ D කාණ්ඩය යටතේ නෙදර්ලන්තය සමග පැවැති තරගය බංග්ලාදේශය ජය ගැනීමත් සමග ශ්‍රිලංකාවේ තරඟය පිළිබඳ තිබු බලාපොරොත්තු සියල්ලකම බිඳවැටී තිබුණි.
සෙන්ට් වින්සර්ට්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 159ක් රැස් කර තිබුණි.
පිලිතුරු ලෙස නෙදර්ලන්තයට පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 134 ක් පමණයි.
ඒ අනුව තරගයෙන් බංග්ලාදේශය ජය ගත්තේ ලකුණු 25 කින් ය.
එම ජයග්‍රහණයත් සමග බංග්ලාදේශය ලකුණු 4 ක් ලබා ගෙන ඩී කාණ්ඩයේ ලකුණු සටයනේ දෙවැනි ස්තානයට පැමිණියා.
ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වූ බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණි .
ශ්‍රී ලංකාවේ ලොවපුරා ක්‍රිකට් ලෝලීන් ගේ සිහින බොඳ කර ගිය තවත් අවස්ථාවක් ලෙස මේ තරඟය සනිටුහන් වනු ඇත.
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත් වී තිබේ.
ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් නිල වශයෙන් එහි වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත.
ලංකා නිවුස් යු කේ.
