ශ්‍රී ලංකාව ක්ලීන් කරන්න ජනපති සැරසෙයි

0
77

ශ්‍රී ලංකාව ක්ලීන් කරන්න ජනපති සැරසෙයි

ARUNA LK NEWS

21 October 2024

‘ක්ලීන් ශ්‍රී ලංකා’ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

හෝමාගම ඊයේ (20 වැනිදා) පැවැති ජාතික ජන බලවේගයේ රැලියට එක් වෙමින් මේ බව කී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

‘‘පරිසරය පැත්තෙන් පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න දියත් කරන ව්‍යාපෘතිය සඳහා විශේෂ ජනාධිපති කාර්යසාධන බළකායක් ගොඩනගලා, පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මේ රටේ ඒ සඳහා දායක විය හැකි සියලුම දෙනාටත් ආරාධනා කරනවා. ඒ සඳහා දායක විය හැකි අරමුදලක් නිර්මාණය කරන්න. සෑම ගඟක්, ඇළක්, වෙරළක්, පාරක්, මංමාවතක් ඇතුළු සෑම ස්ථානයක්ම පිරිසුදු භාවයට ගේනවා. ආසියානු කලාපයේ පිරිසුදුම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අපේක්ෂාවෙන් අපි වැඩ කරනවා. පිරිසුදු වැසිකිළියක්, පිරිසුදු බස් නැවතුම්පොළක්, පිරිසුදු දුම්රිය ස්ථානයක්, පිරිසුදු දුම්රියක්, පිරිසුදු බස්රියක්, පුරවැසියන්ට අනෙකා පිළිබඳ ලෙන්ගතුභාවය, සිනාවෙන් සලකන, යහපත් පිළිගැනීමෙන් සලකන සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි. පරිසරය පැත්තෙන් පමණක් නොවෙයි සෑම පැත්තකින්ම පිරිසිදු වූ සමාජයක් ගොඩනැගීම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here