ශ්‍රී ලංකාවේ අභිනව බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් සාරා හල්ටන් මැතිණියට උණුසුම් සුබ පැතුම්!

0
324

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ගිය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සාරා හල්ටන් (Sarah Hulton OBE) මැතිණිය පසුගියදා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නාය. ඇය කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කරන්නේ මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත (එක්සත් රාජධානිය) සඳහා මහ කොමසාරිස්වරිය ලෙස ය. අභිනව තනතුර බාර ගැනීමට ශ්‍රී ලංකාවට යෑමට දින දෙකකට පෙර ලංඩනයේ දී මේ සොඳුරු , සුහදශීලී නිලධාරිණිය සමග සුහදව කථා බහ කිරීමේ අවස්ථාව මට ලැබිණි. එහිදී ඇය මගෙන් පුවත්පත පිළිබඳව ද තොරතුරු විමසා එහි පිටපත් දෙකක්ද ලබා ගත්තේ කොළඹට ගෙන යාම සඳහාය. ඇය දක්ෂ, පළපුරුදු වෘත්තිමය රාජතාන්ත්‍රික නිලධාරිණියක් බැවින් ශ්‍රී ලංකාව සමග සුහදව කටයුතු කරමින් දෙරටේ ඓතිහාසිකව පැවත එන රාජතාන්ත්‍රික සම්බන්ධතා වඩාත් වර්ධනය කරණු ඇතැයි අපේක්ෂා කරමි. 

ඇයට මගේත් ,බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයේ සියළුම දෙනාගේත් උණුසුම් සුබ පැතුම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here