ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්

0
308

ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
ARUNA LK NEWS
07/07/23 – 15 hours ago



ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටය මේ දිනවල පැවැත්වෙන්නේ, සිම්බාබ්වේ රාජ්‍යයේදී ය.

එහි මූලික තරග වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, සුපිරි හය දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබුවේ, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට ම පැමිණෙමිනි.

සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද (07) පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී ය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුව පන්දුවට පහර දීම සඳහා කොදෙව් නායක ශෙයි හෝප්ට ආරාධනා කළේ ය.

කොදෙවුවන් වෙනුවෙන් පළමුව පිති අතට ගත් බ්‍රෙන්ඩන් කිං සහ ජොන්සන් චාල්ස්, පළමු කඩුල්ල සඳහා ලකුණු ලකුණු 36ක සබඳතාවක් ගොඩනැඟුවේ, මහීෂ් තීක්ෂණ හට කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලියා දෙමිනි.

ලකුණු 10ක් ලබා සිටි බ්‍රෙන්ඩන් කිං දැවී ගියේ මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුව කෙලින් ම කඩුල්ලේ දැවටීමෙනි.

ශමාහ් බෲක්ස් ලකුණු 20ක් ලබා සිටිය දී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ, මහීෂ් තීක්ෂණගේ ම පන්දුවක් හමුවේයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ, ශෙයි හෝප්ව ද ලකුණු දෙකක් පමණක් ලබා සිටිය දී ප්‍රේක්ෂකාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

කොදෙව් ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා සිටිය දී දවා ගැනීමට මතීෂ පතිරණට හැකි විය.

නිකලස් පූරන් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී ගියේ කණ්ඩායමට අලුතින් කැඳවූ දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේය.

කයිල් මේයර්ස් සහන් ආරච්චිගේ විසින් යොමු කළ පන්දුවකින් ලකුණු 18කට දැවී යද්දී රොස්ටන් චේස් දුෂාන් හේමන්තගේ පන්දුවකට එක් ලකුණක් පමණක් ලබා සිටිය දී දැවී ගියේ ය.

අට වන කඩුල්ල ලෙස රොමාරියෝ ශෙපර්ඩ් දැවී ගියේ, නැවතත් ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ මැද ඉන්න මත දැවටෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here