ශ්‍රීලන්කන් එයාර් රැකියා 6000ක් අනතුරේ

0
417

ශ්‍රීලන්කන් එයාර් රැකියා 6000ක් අනතුරේ
ARUNA LK NEWS
ඉෂාර රත්නකාර
01/07/23


ශ්‍රීලන්කන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් හයදහසකගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය මේ වන විට සැලසුම් කර තිබේ.

රජය යටතේ 51%ක කොටස් තබා ගනිමින් සහ වෙනත් ආයෝජකයකුට 49%ක කොටස් ලබා දෙමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටද රජය තීරණය කර තිබේ.

අද වන විට ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් ණය වී තිබෙනවා. ජාත්‍යන්තර බැඳුම්කරවලට, කල්බදු ක්‍රමයට ලබාගත් ගුවන් යානා වෙනුවෙන් සහ දේශීය රාජ්‍ය බැංකු ඇතුළු ආයතන කිහිපයකට එලෙස මුදල් ගෙවීමට සිදුවී තිබෙනවා. ඒ වාගේම මුදල් නොමැතිව ලබාගත් ඉන්ධනවලටත් මුදල් ගෙවන්න සිදුවී තිබෙනවා. මේ විදියට ණය වෙලා ගුවන් සේවයක් පවත්වාගෙන යාමට නොහැකියි. යනුවෙන් වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් වෙන් වෙන් වශයෙන් විකිණීමට අවශ්‍යද? කියන කරුණු සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සන්දේශයක් සැලකිල්ලට ගෙන සකස් කළ යෝජනා මාලාව මුදල් අමාත්‍යාංශය හරහා අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන් වෙත යොමු කර තිබෙනවා. අඩුම තරමින් ඉදිරි මාස හය ඇතුළත ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here