
ශ්‍රීලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්
ARUNA LK NEWS
October 10, 2024
ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා පියාසර කරමින් තිබියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
එම ගුවන් යානය අද (10) රාත්‍රී 7ට පමණ ආරක්ෂාකාරීව ගොඩබැස්වූ බව එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය පවසන්නේ සියලුම මගීන්ට හෝටල් නවාතැන් සපයා ඇති අතර ඊළඟට ඇති ගුවන් ගමන සඳහා නැවත ආසන වෙන්කරවා ඇති බවය.