March 18, 2025
අමෙරිකාවේ පැරැණිතම හා විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන ‘වොයිස් ඔෆ් අමෙරිකා‘ වසා දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ. වසර 83ක් පැරැණි එම මාධ්‍ය ආයතනය ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට සහ කීර්තියට පත්වූ ආයතනයක් බවත්, එය වසා දමා සේවකයන් 1000කින් සමන්විත කාර්ය මණ්ඩලය අනිවාර්ය නිවාඩු යැවීම මේ වන විට ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වොයිස් ඔෆ් අමෙරිකා මාධ්‍ය ආයතනයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර, සියලු සේවකයන්ට පසුගිය ඉරිදා විද්‍යුත් තැපෑල මගින් ධවල මන්දිරය දැනුම් දී ඇත්තේ මාර්තු මස 31 වැනිදායින් සේවය අවසන් කරන බවය. මාධ්‍ය ආයතනයේ සියලු සේවකයන් වහාම වැඩ අවසන් කළ යුතු බවත්, ආයතනය සතු පරිඝනක ගත කළ හෝ වෙනත් ලිපිගොනුවලට පිවිසීමට අවසර නොමැති බවත් එම විද්‍යුත් පණිවුඩයේ සඳහන් වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
වොයිස් ඔෆ් අමෙරිකා මාධ්‍ය ආයතනය සමඟ කොන්ග්‍රසයේ අනුමැතිය ලත් අමෙරිකානු රජයේ මූල්‍යාධාර ලබන ගෝලීය මාධ්‍ය සඳහා වන අමෙරිකානු ඒජන්සියට ඇතුළත් වොයිස් ඔෆ් යුරෝප් සහ රේඩියෝ ෆ්‍රී ඒසියා ඇතුළු ආයතන 6ක් වසා දැමිමට ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම සියලුම මාධ්‍ය ආයතන අමෙරිකානු රජය සතු ස්වාධීන ආයතන ලෙස ස්ථාපිත කර තිබූ බව ද වාර්තා වේ. දෙවැනි ලෝක මහා යුද සමය අතරතුර 1942 වසරේදී ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා මිලියන 326ක ජාත්‍යන්තර ප්‍රජාවගේ ආකර්ෂණය දිනා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(Dinamina lk News)
වොයිස් ඔෆ් අමෙරිකා‘ මාධ්‍ය ආයතනය ට්‍රම්ප්ගේ නියෝගයෙන් වසා දමයි- සේවකයෝ දහසක් දොට්ට