
විස්සයි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
DIVAINA LK NEWS
January 19, 2024
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඊයේ රාත්‍රියේ පැවති විස්සයි විස්ස තෙවැනි ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14.1කදී සියලු දෙනා දැවී ලකුණු 82ක් ලබා ගත්තේය.වනිදු හසරංග ලකුණු 14ට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 88ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39යි.ඒ අනුව තරග තුනකින් සමන්විත වූ මෙම තරගාවලිය තරග දෙකක් ජය ගත් ශ්‍රී ලංකාවට ශූරතාව හිමි විය.