විවාහක මිහිතල රැජින කිරුල ශ්‍රී ලංකාවට

0
360

විවාහක මිහිතල රැජින කිරුල ශ්‍රී ලංකාවට
ARUNA LK NEWS
25 July 2023



පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින “Mrs Earth inte ational – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත් වූවාය.

එමෙන්ම ඇය Mrs Earth best in catwalk’Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගැනීමට සමත් වූවාය.

පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs.Earth inte ational – 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව,නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි.

සශ්මිගේ මෙම තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක, ජාතික අධ්‍යක්ෂ ලෙස චරිත් ගුණසේකර යන අය කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here