වින්ඩ්සර් මාලිගාවට හොරු පනිති ඩබල් කැබ් රථයක් සහ යතුරුපැදියක් අතුරුදන්

0
58

වින්ඩ්සර් මාලිගාවට හොරු පනිති ඩබල් කැබ් රථයක් සහ යතුරුපැදියක් අතුරුදන්

DINAMINA LK NEWS

November 19, 2024

බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් එංගලන්තයේ පිහිටි ලෝක ප්‍රකට වින්ඩ්සර් මාලිගාවට සොරුන් දෙදෙනකු කඩා පැන එහි තිබූ ඩබල් කැබ් රථයක් සහ රෝද හතරේ ක්වෝඩ් යතුරුපැදියක් සොරකම් කර පලා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔක්තෝබර් මාසයේ සිදුවූ එම සිදුවීම පසුගියදා ස්කයි පුවත් සේවය විසින් හෙළි කරනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වන විට විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් සමඟ පදිංචිව සිටින වින්ඩ්සර් මාලිගාවේ ආරක්ෂක රැකවලුන්ගෙන් මිදී මීටර් 1.82ක ආරක්ෂිත වැට ද තරණය කර මුහුණු වසාගත් එම සොරුන් දෙදෙනා මාලිගා භූමියට ඇතුළු වී ඇතැයි ද, ඒ මොහොතේ විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් තිදෙනා සමඟ නින්දේ පසුවූ බව ද ස්කයි පුවත් සේවය වාර්තා කළේය.

තේම්ස් නදිය අසල පිහිටි වින්ඩ්සර් රාජකීය මාලිගාව පිහිටි වතුයායේ සොරකමක් පිළිබඳ වාර්තාවක් ලැබුණු බව තේම්ස් නිම්නයේ පොලිස් ප්‍රකාශකයකු ස්කයි පුවත් සේවයට ප්‍රකාශ කර ඇති අතර, මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

11 වැනි සියවසේ ඉදි කර ඇති එංගලන්තයේ විශාලතම මාලිගාව වන වින්ඩ්සර් මාලිගාව සියවස් ගණනාවක කාලය පුරා බ්‍රිතාන්‍ය රජවරුන් හා රැජනන් 40 දෙනකුගේ නිවහන බවට පත්වී තිබූ අතර, අවසන් වරට එලිසබෙත් රැජනගේ වාසස්ථානය බවට පත්වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here