විදෙස් සංචාරකයෝ ලක්‍ෂ 12ක් ඇවිත්

0
293

විදෙස් සංචාරකයෝ ලක්‍ෂ 12ක් ඇවිත්
ARUNA LK NEWS
ශ්‍යාම් නුවන් ගනේවත්ත
November 18, 2023

මේ වසරේ (2023) මුල සිට ඉකුත් නොවැම්බර් 15 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදේශ සංචාරකයන් ගණන දොළොස් ලක්‍ෂය ඉක්මවා යමින් 1,200,119ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වසරේ (2023) නොවැම්බර් මස පළමු දින 15 තුළ පමණක් පැමිණ ඇති විදෙස් සංචාරකයන් ප්‍රමාණය 74664ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නොවැම්බර් මස පළමු දින 15දී ඉන්දීය සංචාරකයන් 13491 දෙනකු සහ රුසියානු සංචාරකයන් 12580 දෙනකු ද පැමිණ ඇති බව එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here