විදෙස් ඔත්තු සේවා ජනපති සටනට බහී

0
76

විදෙස් ඔත්තු සේවා ජනපති සටනට බහී
SUNDAY DIVAINA LK NEWS
උපාලි ද සේරම්
September 15, 2024

රනිල්, සජිත්, අනුර සහ නාමල්ගේ රැලිවලටත් රිංගයි
මෙරට නව ජනාධිපති කවුරුන්ද යන්න සම්බන්ධව කලින් තොරතුරු දැන ගැනීමට ඇමරිකාව, ඉන්දියාව සහ චීනය යන රටවල රහස් ඔත්තු සේවා නිලධාරීන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි එම තානාපති කාර්යාල අභ්‍යන්තර තොරතුරු අනුව අනාවරණය වේ.

ඔවුන් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ මැතිවරණ රැලිවලට ද ගොස් ලබාගත් තොරතුරු සිය රටවලට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

ඉන්දීය රජයේ වැඩි අවධානය යොමුවී ඇත්තේ උතුරේ ජනතාව සහ වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය පිළිබඳවය.

ඇමරිකාව නාගරික ජනතාවගේ මතය පිළිබඳව අවධානය යොමුකර තිබේ.

චීනයේ වැඩි අවධානය යොමුකර ඇත්තේ ඇමරිකාව සහ ඉන්දියාව වැඩි අවධානයක් යොමු කරන අපේක්ෂකයා කවුරුන් දැයි කියා සොයා බැලීමටය.

පසුගිය 2019 ජනාධිපතිවරණයට වඩා මෙවර ඔවුන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ජනාධිපතිවරණ සටන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙකු අතර පවතින නිසා යැයි ද වාර්තා වේ.

උපාලි ද සේරම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here