විදුලි සැර වැදීමෙන් වන අලි 50ක් මියයයි

0
85

විදුලි සැර වැදීමෙන් වන අලි 50ක් මියයයි
ARUNA LK NEWS
23 December 2024

2024 වසරේ මේ දක්වා කාලයේ විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනකු පමණ මරණයට පත්ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, එම අවස්ථාවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ගෙන තිබූ බවයි.

විදුලි සැපයුම අනවසරයෙන් ගැනීම වැළැක්වීම සඳහා සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා ජනතා සහය තව දුරටත් බලාපොරොත්තු වන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

අනවසරයෙන් විදුලිය ගැනීම් පිළිබඳව තොරතුරු තිබේ නම් ක්‍ෂණික දුරකථන අංක වන 1987 හෝ 0112118767 දුකරථනයට තොරතුරු දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here