විජේරත්න පරපිටිය මහතාණෙනි, ඔබට සුභ ගමන්

0
309
විජේරත්න පරපිටිය මහතාණෙනි ඔබට සුභ ගමන්


ලන්ඩනයේ විල්ස්ඩන්හි විසු අඩසියවසකට අධික කාලයක් එක්සත් රාජධානියේ ආගමික හා සමාජ මෙහෙවරක යෙදුණු දානපතියෙකු වූ විජේරත්න පරපිටිය මහතා පසුගියදා සිය ජිවන ගමන් මගට සමු දුන්නේය. ඔහු මියයන විට 88 වෙනි වියෙහි පසු විය.

1935 ජුනි මස 18 වෙනි දින යටියන්තොට බදුල්ලවෙල දී උපත ලබා තිබුණි.ඔහු පසුගියදා ගිලන්ව රෝහල් ගතකර තිබු අතර අනතුරුව සුවය ලබා නිවසට පැමිණි දින කිහිපයකට අනතුරුව ඔහු සිය ගමන් මග අවසන් කර තිබුණි.ඔහුගේ ආදරණිය බිරිඳ සුනීතා පරපිටියයි. ඔවුනට දරුවන් සිව් දෙනෙකු සිටින අතර තමරා,මනෝෂා යමුනා යන දුවරුන් තිදෙනෙක්ද, ධනුක නම් පුතෙක්ද වේ.. එමෙන්ම ඔවුන්ට අමයා, අයනා ,කියෝමි හා මියා යන දුමුණුබුරන් ගේද දරු සුරතල් බැලීමට ඉඩකඩ ලැබුණු වාසනාවන්ත පවුලක් වේ,


ඔහු ඔහු කුඩා අවදියෙහිදී යටින්යතොට විද්‍යාකර විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරා කොළඹ අගනුවරට පැමිණියේ සිය සිතැඟි පරිදි ඔහුගේ වැඩිදුර ඉගෙනීම පිනිසය. ඔහු කොටහේනේ කුමාර විදුහලටත් ඇලෙක්සන්ඩ්රා විදුහලටත් ඇතුළත්වී තිබුණි.


ඔහු සිංහල රාජ්‍ය භාෂාව කිරීම සම්බන්ධව සිය තරුණ වියෙහි පටන් රජයට බල කිරීම පිණිස එකල පැවති උද්ගෝෂණ වලට සහභාගිවී තිබුණි. ඒ සඳහා සංවිධාන රැසක් පිලියෙලකළ සංදේශය රැගෙන විජේරත්න තරුණ සිසුවා කොළඹ සිට මහනුවරට පාගමනින් පැමිණ දළදා සමිදුන් හා මල්වතු අස්ගිරි නාහිමිපාණන් වෙත සංදේශයක් ගෙන ඒමට ඉදිරිපත්ව විය. මේ පුවත එකල සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වල ප්‍රධාන පුවතක් ලෙස පළකර තිබුනේය.ඔහු කුඩාකල සිටම මල්ලව පොර හා මලල ශුරතාවයන් රැසක් ලැබ ගත් විවිධ හපන්කම් වලින් දස්කම් පෑ අයෙකු විය.සමස්ත ලංකා එක්සත් ශිෂ්‍ය පෙරමුණ පිහිටුවීමෙහිලා මුලිකත්වයෙන් කටයුතු කළ අයෙකු වුයේය.තවද ඔහු ඌරගල ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති තනතුරද හෙබවූයේය.


පළමු නිල රැකියාව කොළඹ තටාකාංගනයේ සේවය කිරීම සඳහා: වරාය (භාණ්ඩ) සංස්ථාව සිලෝන් ඔක්තෝබර් 1957 – අප්‍රේල් 1960 – 1960 අප්‍රේල් 28 වැනි දින වරාය වැඩ කටයුතු පිලිබඳ වැඩිදුර හැදෑරීම පිණිස ඔහු ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පැමිණීමට පිටත් විය.එක්සත් රාජධානියේ Luxfer Ltd සමාගමෙහි ගිණුම් ලිපිකරුවෙකු ලෙස (1960 -1964 ) සේවය කළේය.අනතුරුව ඩෝසර් යුරෝ සමාගමෙහිද ,මිඩ්ල්සෙක්ස් මෝටර්ස් හිද ඔහු සේවාවේ නිරත විය. රැකියාව කරන අතර ඔහු වරලත් ලන්ඩන් ඝනකධිකරණය විභාගය සඳහාද පෙනී සිට ඉන් සමත්වී තිබුණි.


මේ රැකියා කිරීම තුලින් සැහීමකට පත් නොවූ විජේරත්නයන් සිය අත්දැකීම් ඔස්සේ වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා නැඹුරු වුයේය. ඔහු විල්ස්ඩන්හි ඩොලිස් හිල්හි වෙළඳ ව්‍යාපාර රැසක් ටික කළකදී ආරම්භකර ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස කෙටි කලෙකින්ම නැගී සිටීමට කට යුතු කළේය. ඔහු සිය සමාජ මෙහෙවර මුලින්ම ඇරඹුවේ සිය ගම පියස වූ යටියන්තොට ප්‍රදේශය මුල් කර ගෙනය.මෙම පුණ්‍ය කටයුතුවල මුලික තැනක් ඔහු ලබා දුන්නේ ලංකාවේ දුගී දුප්පත් දරුවන් ගේ අධ්‍යාපනය නගා ලීම පෙරදැරි කර ගෙනය.


මේවා අතර යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ (1990 දශකයේ) පුස්තකාලයක් / පන්ති කාමර එම පාසලේම මිරිදිය සඳහා ප්‍රවේශය ඉදිකරන ලදී. එම පාසලට විද්‍යාගාරයක් ඔහු සිය වියදමින් තව දී තිබුණි..අවිසාවේල්ල බෝඩිම පාසල: මිරිදිය ප්‍රවේශයට අරමුදල් සහ ආහාර සැපයීම.වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ බොහෝ දූ දරුවන්ට ඔවුන්ගේ විශ්ව විද්‍යාලය දක්වාම.කලක පටන්ම අධ්‍යාපනය සඳහා අනුග්‍රහය දැක්වීය.


යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරය බෞද්ධ විහාරය.ධර්ම දේශනා සඳහා ශාලාවක් ද ඔහු විසින් සිය වියදමින් ඉදිකර තිබුණි.

ආර්ථික අපහසු කම් ඇති ළමයින්ට පාසල් යාමට පාපැදි ද . ලිපි ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් ද පරිත්‍යාග කිරීම නිරන්තරයෙන්ම සිය රට වෙනුවෙන් නිහඬව සේවාවක යෙදුණු පරිතාග්‍යශීලි දානපතියෙකු විය.


විජේරත්න මහතාට අයිති පස්මහල් යටියන්තොට පරපිටිය මධ්‍යස්ථානය යටියන්තොට ප්‍රදේශයේ දූ දරුවන්ට පරිගණක පිළිබඳ NAITA (අර්ධ රාජ්‍ය පරිගණක පුහුණු මධ්‍යස්ථානයකි) වෙත ඔහු විසින් පසුගිය වසර 3ක කාලය තුළ නොමිලේ එක් මහලක්ලබාදී තිබුණි.වසර කිහිපයක් පුර මෙම මධ්‍යස්ථානයේ එක් මහලක් පුස්තකාලයක් ලෙස ද භාවිත කළ අතර .විජේරත්න මහතා මෙහිසිට ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිකර ලීම පිණිස කලක් තිස්සේ පොත්පත් එහි යැවීමට කටයුතු කර තිබුණි.


දැනට ලන්ඩනයේ ඉතා ප්‍රසිද්ධ පන්සලක්වූ කිංස්බරි විහාරය ඇරඹීම පිණිස විජේරත්න මහතා පසුගියදා අපවත්වී වැඩ වදාළ ගලයායේ මහා විහාරාධිපති හිමියනයට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් විය. කිසියම් දිනෙක ගොඩනැගිල්ලක් සොයා ගන්න තෙක්ම විස්ල්ස්ඩන් ඩොලිස් හිල්හි ඔහුට අයත් නිවසක් ලබාදී තිබුණි.ඒ සඳහා කිසිදු වියදමකින් තොරව ඔහු විසින් පිරිනමා තිබුණි.


ඔහු තුල බුද්ධ පිළිවෙත් සංස්කෘතිය විදහා පෙන්වන ගම්මාන අප රට පුර ඉදි කිරීමේ සැලස්මක් පිලිබඳ මට නිතර පවසා සිටියේය. මා ඔහුට මේ වැනිදෙයක් ඉටු කිරීම ඉතා අපහසු බව කීවද ඔහුගේ සිත්තුළ මෙවන් සංකල්පයක් මතුවුයේ අද අප රටේ පිරිහී ඇති සමාජ ආකල්ප මෙන්ම බුදු දහමට එරෙහිවූ බලවේග වලට පිළිතුරක් වශයෙන් බව මට වැටහේ.ඔහු රට දැයට ආගමට ඉතා ලැදි අයෙකු විය. ඔහු මෙරටට පැමිණ සිටි සිසුන් හෝ වෙනත් ඕනෑම පවුල් සඳහා මුල් අවදියෙහි කිසිදු පැකිලීමකින් තොරව නවාතැන් සපයා දෙන්නට ඉදිරිපත්වූ අයෙකු විය.මේ නිදාම ඔහුට අපෙන් ගිලිහි ගිය සිසුන්ට නවාතැන් ගැනීමට එකතුවී කටයුතු කිරීමට ඇති ශිෂ්‍ය මධස්ථානයක් ගොඩනැගීමට කලක් තිස්සේ මහත් වෙහෙසක් දැරු දෑ හිතකමි අයෙකු විය.



මගේ මතකයේ හැටියට ඔහු සහභාගී නොවූ සංස්කෘතික හෝ ආගමික උත්සවයක් ලන්ඩනයේ නැති තරම්ය. මා ඔහු සමග මේ උත්සව වලදී දොඩමලු වූ වාර අපමණය.ඒ හැම දිනකම ඔහු කතා කලේ අපේ රට ගැනය.බොදු ගම්මාන රට පුරා ඇරඹිය යුතුයයි යෝජනා කළේය.මෙය ඉතාපහසු කරුණක් නොවන බව මා ඔහුට පේනවා දුන්නේය. මා සමග කළ ඇතැම් කතා දුරකතනයේ පැය ගණන් ගතවුවද ඔහුට එම වේලාව ගතව ති බවක් නොදැනුනේය.ඔහුට රට දැය සමය ගැන තිබුනේ මහත් භක්තියකි.අප ලංකා නිවුස් පුවතපත ඇරඹු බව අසා ඔහු ඉමහත් සතුටට පත්විය.ඔහු අපව දිරිමත් කරන්නට තුටු පඬුරක් ලබා දෙන්නටද අමතක නොකළේය.අපි ඒ පිළබඳ අපේ කෘතඥ තාවය මෙයින් පළ කර සිටින්නෙමු.



ඔහුගේ අවංකත්වයෙන් වංචා කල පුද්ගලයන්ද එමටය.ඔහු ඔවුන් ගැන කතා කලේ බුදු දහමින් ඒවාට පිළිතුරු දෙමිණි .දැනට මෙහි වෙසෙන මට මගේ ජිවිත කාලය තුළ මුණ ගැසුණු අය අතර ඔහු අපුර්ව අවංක ගුණ ගරුක මිනිසෙකු වේ. එවැන්නන් අප අතර විරලය. ඔහු අප අතරින් වියෝවී මේ අහස්තලයට එක්ව ඇත. ඔහුගේ අවසන් කටයුතු අප්‍රේල් මස 6 වන බ්‍රහස්පතින්දා පෙරවරු 2.00 ට , ලන්ඩනයේ ගොල්ඩර්ස් ග්‍රීන් ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.(Service to be held at 2.00pm Golders Green Crematorium -West Chapel 62, Hoop Lane, London NW2-1BU)
ඔහු අප අතරින් වියෝ වුවද ඔහු අප හදවත් තුල සදා ලැගුම් ගනු ඇත



විජේරත්න පරපිටිය මහතාණෙනි , අප ඔබට අමා මහ නිවනින් සැනසීම ලබන්නට හේතුවාසනා වේවායි පතන්නෙමු.


ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here