
විජේදාස ලියනාරච්චි ඝාතනය හා සෙසු නීතිඥන්ගේ ඝාතන රැල්ල පිලිබඳ තොරතුරු බිඳක් – -නීතිඥයින් අමු අමුවේ මරාදැමුනු යුගයට වසර 35 ගතව ඇත.මේ යුගය පිලිබඳ අනාවරණයක් Part 1
Shantha Senadheera- Solicitor- Attorney-at Law
Former Secretary of the Colombo Law society
Editor -Lanka News UK
නිතිය වල් වැදී ගිය සමයක් අප රටේ පැවතුණි . එම සමය අද අපේ මතකයෙන් ඈත්ව ගොසිනි.නැතහොත් කාලය වැලි තලාවන් සමග යටපත් වී ඇත.මේ සිද්ධියට උත්පාදකවූ අප හදවත් කම්පාකරවන සිදු වීමක් මිට වසර 33 කට ඉහතදී (1988 සැප්තැම්බර් 3වනදා වන) අද වැනි දිනෙක අපේ රටේ සිදුවිය.මුළු මහත් නීති ප්‍රජාව මෙන්ම නිතිගරුක පුරවැසියන් ගේ හදවත් කම්පාවූ ,කාම්පාකළ දිනයක් විය.ඒ වෙනකිසිවක් නිසානොව නීතිඥ වුර්ත්තියේ තමන්මෙන් කටයුතු කළ නීතිඥයෙකු පොලිසිය විසින් පැහැර ගෙන ගොස් විවිධ වදහිංසා සිදුකර මරණයට පත් කිරීම පිලිබඳ ආරංචිය පැතිර යාම හේතු කොටගෙනය. අවසානයේ ඔහු නීතිඥ විජේදාස ලියානාරච්චි බව දැනගන්නට ලැබුණි.
විජේදාස ලියනාරච්චි 1951 ජනවාරි මස 14 වනදා වීරකැටියේ බුද්ධියාගම දී උපත ලබා සිය මුලික අධ්‍යාපනය වීරකැටිය මහා විදුහලින් හා පසුව ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරු සිසුවෙකු විය. ඔහුගේ පියා කෘෂි ව්‍යාප්ත සේවයේ නියතු දොන් ජුවානිස් අප්පුහාමි වූ අතර මව විදානගමගේ දෝන සිසිලියානාය. විජේදාස 14 දෙනෙකු ගෙන් සමන්විතවූ මේ පවුලේ 7 වන්නිය.
ඔහු රිච්මන්ඩ් විදුහලේ උසස්පෙළ සිටි මිතුරෙකු හරහා 1969 හිදී 1971ට සම්පාදක වූ දේශපාලන පන්ති වලට සහභාගී වුයේය. ඒ ප්‍රවාහයට එක් වීමෙන් ඔහුට අවසානයේ පුනුරුප්තපනය කඳවුරක හිරවී සිටින්නට සිදුවිය. අනතුරුව ඔහු ගුරුසේවයට ද අනතුරුව මහවැලි වියාපාරයේ අනුබද්ධිත සමාගමක සිවිල් ඉංජිනේරු අංශයේ සේවාවේ ද යෙදුනේය. පසු කලෙක ඔහු හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන මැතිවරණයට ජවිපෙ අනුග්‍රහය යටතේ ඉදිරිපත්ව තිබිණි.
මෙම අතරවාරයේ ඉන් නොනැවතී ඔහු නීති විදුහලට ඇතුළු වී 1987 නීතිඥවරයෙකු ලෙස දිව්රුම් දී තිබුණි.ඔහු ආධුනිකයෙකු ලෙස පුහුණුව ලබා තිබුනේ ජනාධිපති නීතිඥ රන්ජිත් අබේසුරිය මහතා යටතේ විය.
ඔහුමා හැඳිනගත්තේ ඔහු දිව්රුම්දීසති 2කට පමණ කාලයේදීය. ඔහු මටහඳුන්වා දුන්නේ ඔහුගේ ලබැඳි මිතුරෙකුවූ මගේ අසල්වැසි මිතුරෙකුවූ ආදී ආනන්දියෙකුවූ නීතිඥ ආනන්ද ගුණතිලක විසිනි.මේ වනවිට ඔහු කිසිදු නඩුවකට පෙනී නොසිටි නිසා මා ඔහුට ආරම්භයේ දෙමසක් පමණ කාලයක් මුලික නඩු සඳහා දිස්ත්‍රික් උසාවියේ හා මහේස්ත්‍රාත් උසාවි වල වැඩකටයුතු සඳහා පෙනිසිටිමට අවස්ථාව සලසා දුන්නේය.ඔහු මේ නඩු වලට පෙනී සිටියේ සිංහල බසිනි. ඔහු ගේ හඬ ඉතාපැහැදිලි එකක් විය. අනතුරුව හබයාකොප්‍රස් නඩු රැසක් ද මගේ මගපෙන්වීම යටතේ අභියාචනා අධිකරණයේ ද සුපුරුදු පරිදි සිංහල බසින් සිය නඩු ඉදිරිපත් කරමින් සිය සේවාව සිදුකළේ ය.
ඔහුගේ මෙම මුල් අභියාචනා අධිකරණයේ නඩුවට පෙනිසිමට පෙරදින එහි එහි සභාපතිව සිටි පසුකලෙක අගවිසුරුවරයා වූ සරත් සිල්වා විනිසුරු තුමාට මාවිසින් ඔහු හදුන්ව දුන්නේය.මා එම ඉල්ලීම සිදු කලේ ලියනාරච්චිට සිංහලෙන් එම නඩු ගෙනයාමට අවසර ලබා ගැනීමට ය.
එම උසාවියේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බසින් පමණක් නඩු කටයුතු සිදු කල බැවිනි.සරත් සිල්වා විනිසුරු තුමා මහත් සතුටට පත්ව හෙට ඔහු ඉදිරියේ සිංහලබසින් ඔහුගේ ගෙනයාමට සුදානම් වී එනලෙසත් මා අමතා ඔහුටඋදව් කරන ලෙසත් දන්වාසිටි හැටි මට අදමෙන් සිහි පත්වේ.පසු දින ඔහු සිංහලෙන් නඩුව ඉතා මැනවින් ඉදිරිපත් කළේ ඉතාමත් දක්ෂ කථිකත්වය ඉස්මතු කරවමිනි.සරත් සිල්වා විනිසුරු තුමා මෙහිදී එහි පිරී පැවති නීති විශාරදයන් අමතා ප්‍රකාශකලේ ඔහු ඔබහැමට අභියෝගයක් වනු ඇති බව සඳහන් කරමිනි. මේ අවස්තාවේ මෙහි සිටි ජේආර් ජයවර්ධන ජනාධිපති තුමාගේ සොහොයුරු රාජනීතිඥ එච්.ඩබ්ලිව් .ජයවර්ධන හා ඔහු ගේ සහයෙකුවූ එරික් ගුණසේකර යන මහතුන් උසාවියෙන් පිටත්ව ගියේ අඩි හප්පා ගනිමින් මාදෙස තද බැල්මක්ද හෙළමිනි.
මේ සිදුවීම මා හෙළිකරන්නේ ඇතැම් විට නුරුස්සන මිනිසුන් මේ තලයට ගොඩවිමේදී ඔවුන් තවදුරටත් මෙහි රඳවා ගන්නවා ද? තීරණය කිරීමට ඔවුනට ඇති ඉඩකඩ ඔවුන් වෙත මේ සංස්ථාවතුල තිබු බැවිනි.මෙම සිදුවීම ඇසින් දුටු තවත් පිරිසක් තවමත් ජිවතුන් අතර සිටී.එසේ නොවන්නට මා ප්‍රකාශකර සිටින දේ හුදු අතිශයෝක්තියකයි සිතන්නට ඇතෙමකුට සිතෙන්නට හැකිය.කෙසේ නමුත් මේ කාර්ය බාරය විජේදාසයනට කරන්නට හැකි වුයේ ඉතා කෙටි කල් සිමාවකටය. ඔහුගේ පැහැර ගැනීම කනවැකුණු සැනින්ම මගේ මතකයට ආවේ අර සිදුවීම් මාලාවය. ඇතැම් විට එහි කිසිදු සම්බන්ධය මේ ඝාතනය අතර නැති වන්නටද හැකිය.එය්කෙසේ නමුදු පිපී සුවඳ හමන්නට තිබු මලක් තලා පෙති සීසීකඩ කරමින් චප්ප කරදමා තිබුනේ සිත්පිත් නැති අයුරිනි.
1988 දී ජේ පාලන සමයේදී නීතිඥ විජේදාස ලියනආරච්චි පැහර ගෙනයාම පිලිබඳ පුවත මුළුමහත් නීති කේෂ්ත්‍රයාම සසළ කිරීමට තරම් බලවත් සිද්ධියක් විය . එම ඛේදවාචකය පක්ෂ පාට භේදයකින් තොරව වෘත්තිය එක්සත් කළේය.(See attached
එදා අළුත්කඩේ උසාවි සංකීර්ණ වල පක්ෂපාට, ජේෂ්ඨ කනිෂ්ඨ ,යන කිසිදු භේදයකින් තොරව එකාමෙන් නැගීසිටි අවස්ථාවක් විය. සිය උසාවි වැඩ නවතා දමා රජයට එරෙහිව පෙළපාලියමින් සිය විරෝධය පළ කිරීමට කටයුතු කළේය. මේ වකවානුව මගේ හිතේ දෝංකාරය වෙමින් තවමත් වරින් වර මතකයට නැගෙන අප බොහෝ දෙනෙකුට අමතක කිරීමට නොහැකි සංසිදියක් බැව් නොරහසකි. ලංකා ඉතිහාසයේ මෑත අවදියේ සිදුවූ මේ සිද්ධිය ගැන වත්මන් තරුණ පරපුරේ ඇතැම් පිරිසක් තවමත් නොදැනුවත් නිසාත් ,එතෙක් මෙතෙක් මේ සිද්ධීන් පිලිබඳ ලියු ගත් කතුවරුන් ලියා ඇති වැරදි නිවැරදි කර මාදන්නා කරුණු ඒ පිලිබඳ උනන්දුවක් දක්වන මානව වාදීන් මෙන්ම සෙසු පිරිස් දැනුවත් කිරීම සඳහා මෙම ලිපි පෙළ ඉදිරිපත් කිරීමට පෙළඹුණු බැව් සඳහන් කර සිටිමි.
මානව හිමිකම් පිළිබඳ නීතීඥයෙකුට එරෙහිව තම සාමාජිකයෙකුට එරෙහිව සිදු කරන ලද මෙම බිහිසුණු අපරාධයට විරෝධය දැක්වීම සඳහා ශ්රී ලංකා නීතීඥ සංගමයේ එතෙක් පැවති විශාලතම රැස්වීමක් 1988 සැප්තැම්බර් 2 වනදා අලුත්කඩේ නීතිඥ විවේකාගාරයේදී පැවැත්විණි.ජේ.ආර් .ජයවර්ධන රජයට පක්ෂපාත ජේෂ්ඨ නීතිඥයන් හැරුණු කොට මගේ දැනුමේ හැටියට එකළ උසාවියේ පෙනීසිටි හා අලුත්කඩේ උසාවි සියල්ලේම සේවාවේ යෙදුන හා කාර්යාලවල කටයුතු කල සියලු දෙනාගේම සහභාගිත්වයෙන්මේ රැස්වීම සිදුකරනු ලැබුවේය.මේ රැස්වීමඅවසානයේ රජයට ඔහු වහා නිදහස් කරන ලෙසත් ,ඔහු පැහැර ගෙනයාම හා සම්බන්ධ උසාවි වසා වැඩකටයුතුවලින් ඉවත්වීමටද තීරණය කෙරිණි. අනතුරුව උසාවිය අවට විරෝධතාවක් ද සිදු කරණු ලැබිණි.මේ අතර නීති සංගමය විසින් රජයේ හා පොලිස් බලධාරීන්ගෙන් ඔහු වහා නිදහස් කරන ලෙස ඉල්ලා ලිපි කිහිපයක් යැවීමටත් සාකච්චා කිරීමටත් ගිවිසගනු ලැබුණි.
මේ අවස්ථාව සැප්තැම්බර් මස 3 දා ඔහු එදින උදැසන කොළඹ මහරෝහලේදී මියගොස්තිබු බව තිබු ආරංචියෙන් මුළු මහත් නීතිඥ ප්‍රජාවම නැවත වරක් නීති සංගම් කාර්යාලයට රැස්වී තවත් මහා රැස්වීමක් පවත්වනු ලැබුවේය.එහිදී එකල සිටි ජේෂ්ඨ නීතිඥයන් රැසක්ම සිය අදහස් ප්‍රකාශ කර සිටි අතර විධායක කමිටුව විසින් යෝජනා කරන ලද අංක 4 දරණ යෝජනාව ඉදිරිපත් කළේ මෙම නීතීඥයින් විසිනි.නීති සංගම් විධායක කමිටුව විසින් පහත දැක්වෙන යෝජනාව එකත් චන්දයෙන් සම්මත කරනු ලැබිය.ඒ යෝජනාවේ මෙසේ සඳහන් වේ: මේ සිද්ධිය සම්බන්ධවූ “සියලුම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් අර්ථවත් පියවර ගෙන ඇති බවට මෙම සංගමය සෑහීමකට පත් වන බව මෙම සංගමය නිවේදනය කරන තුරු මෙම සංගමයේ කිසිදු සාමාජිකයෙකු කිසිදු උසාවියක හෝ අධිකරණයක පොලිස් නිලධාරියෙකු සඳහා පෙනී නොසිටිය යුතු බව මෙම සංගමය තවදුරටත් තීරණය කරයි. විජේදාස ලියනආරච්චි මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන මරණයට පත් කිරීම හා අදාළ චෝදනා මත මරණයට වගකිව යුතු සියළුම පුද්ගලයින්ට එරෙහිව ප්රමාදයකින් තොරව අපරාධ නඩු කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව රජය කටයුතු කලයුතුය යන්න ඇතුලත්ව තිබුණි.
නීතීඥයින් පාරට බැස්ස පළමු අවස්ථාව මෙය විය. මෙම විරෝධතාවට උසාවියෙන් පිටත නීතිඥයින් පිකටිං කිරීම ඇතුළත් වූ අතර ඊට මූලිකත්වය ගෙන කටයුතු කළේ කොළඹ දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥයින් විසිනි.මෙකළ කොළඹ නීති සංගමයේ සභාපති වුයේ පාලිත මැතිව් වූ අතර මා එහි ලේකම් වරයා වුයේය.ඒ නිසා මෙහි වැඩි බරක් ශ්‍රී ලංකා නීති සංගමයට වඩා කොළඹ නීති සංගමයට පැවරී තිබුනේය. මෙම කාලය අප දෙදෙනාට පැවරී තිබු නේ මෙතෙක් අප නොසිතු නොවිරූ රාජකාරි රැසම පැවරී තිබුණේ අප දෙදෙනාගේ කරපිටය. අපට ජේෂ්ඨ නීති ඥයන් ආරක්ෂා වන ලෙස උපදෙස් දී තිබුණි.මේඅතර අප උසාවි දින 3 වැඩ නතර කිරීම නීති සංගමය ගෙන් තිබු තීරණය මුලින්ම අගර විනිස්චකර තුමා හා අභියාචනා සභාපති තුමන්වෙත දන්වා සිටියේය. අනතුරුව දිසා විනිසුරු වරුන්ටද දැනුම් දීමට ගිය අතර මෙහිදී එහිවූ නීතිඥ මහතුන් කිහිපදෙනෙකු සිය සේවාදායකයන්ට බලවත් අසාධාරණයක් වනබවත් අපට ප්‍රකාශ කල බව මට පැවසූ අයුරු අදමෙන් සිහිපත්වේ . නමුත් විනිශ්චකාර වරුන් මේ සිදුවූ බලවත් සිද්ධිය ඔවුනට පහදා දී නීතිඥ සංගමයේ තීරණයට ඔවුනද අවනත වියයුතු බව පහදා දී තිබු බව පසුව දැනගන්නට ලැබුණි.
1988 දී ජේ.ආර් .ජයවර්ධන පාලන සමයේදී නීතිඥ විජේදාස ලියනආරච්චි පහර ගෙනයාම පිලිබඳ පුවත මුළුමහත් නීති කේෂ්ත්‍රයාම සසළ කිරීමට තරම් බලවත් සිද්ධියක් විය. එම ඛේදවාචකය පක්ෂ පාට භේදයකින් තොරව වෘත්තිය එක්සත් කළේය. මානව හිමිකම් පිළිබඳ නීතීඥයෙකුට එරෙහිව තම සාමාජිකයෙකුට එරෙහිව සිදු කරන ලද මෙම බිහිසුණු අපරාධයට විරෝධය දැක්වීම සඳහා ශ්රී ලංකා නීතීඥ සංගමයේ එතෙක් පැවති විශාලතම රැස්වීමක් 1988 සැප්තැම්බර් 2 වනදා අලුත්කඩේ නීතිඥ විවේකාගාරයේදී පැවැත්විණි.ජේ.ආර් .ජයවර්ධන රජයට පක්ෂපාත ජේෂ්ඨ නීතිඥයන් හැරුණු කොට මගේ දැනුමේ හැටියට එකළ උසාවියේ පෙනීසිටි හා අලුත්කඩේ උසාවි සියල්ලේම සේවානේ යෙදුන හා කාර්යාලවල කටයුතු කල සියලු දෙනාම මේ රැස්වීමට සහභාගිත්වයෙන් සිදුකරනු ලැබුවේය.මේ රැස්වීමඅවසානයේ රජයට ඔහු වහා නිදහස් කරන ලෙසත් ,ඔහු පැහැර ගෙනයාම හා සම්බන්ධ උසාවි වසා වැඩකටයුතුවලින් ඉවත්වීමටද තීරණය කෙරිණි. අනතුරුව උසාවිය අවට විරෝධතාවක් ද සිදු කරණු ලැබිණි.මේ අතර නීති සංගමය විසින් රජයේ හා පොලිස් බලධාරීන්ගෙන් ඔහු වහා නිදහස් කරන ලෙස ඉල්ලා ලිපි කිහිපයක් යැවීමටත් සාකච්චා කිරීමටත් ගිවිසගනු ලැබුණි.
මේ අවස්ථාව සැප්තැම්බර් මස 3 දා ඔහු එදින උදැසන කොළඹ මහරෝහලේදී මියගොස්තිබු බව තිබු ආරංචියෙන් මුළු මහත් නීතිඥ ප්‍රජාවම නැවත වරක් නීති සංගම් කාර්යාලයට රැස්වී තවත් මහා රැස්වීමක් පවත්වනු ලැබුවේය.එහිදී එකල සිටි ජේෂ්ඨ නීතිඥයන් රැසක්ම සිය අදහස් ප්‍රකාශ කර සිටි අතර විධායක කමිටුව විසින් යෝජනා කරන ලද අංක 4 දරණ යෝජනාව ඉදිරිපත් කළේ මෙම නීතීඥයින් විසිනි.නීති සංගම් විධායක කමිටුව විසින් පහත දැක්වෙන යෝජනාව එකත් චන්දයෙන් සම්මත කරනු ලැබිය.ඒ යෝජනාවේ මෙසේ සඳහන් වේ: මේ සිද්ධිය සම්බන්ධවූ “සියලුම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් අර්ථවත් පියවර ගෙන ඇති බවට මෙම සංගමය සෑහීමකට පත් වන බව මෙම සංගමය නිවේදනය කරන තුරු මෙම සංගමයේ කිසිදු සාමාජිකයෙකු කිසිදු උසාවියක හෝ අධිකරණයක පොලිස් නිලධාරියෙකු සඳහා පෙනී නොසිටිය යුතු බව මෙම සංගමය තවදුරටත් තීරණය කරයි. විජේදාස ලියනආරච්චි මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන මරණයට පත් කිරීම හා අදාළ චෝදනා මත මරණයට වගකිව යුතු සියළුම පුද්ගලයින්ට එරෙහිව ප්රමාදයකින් තොරව අපරාධ නඩු කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව රජය කටයුතු කලයුතුය යන්න ඇතුලත්ව තිබුණි.
නීතිඥ වරුන්ට අවශ්‍ය වුයේ පොලිස් අත් අඩංගුවේ පසුවී දින ගනනක් තිස්සේ ප්‍රශ්න කරමින් දැඩි ලෙස කුරිරුවද හිංසා පහරදීම වලට ලක්කොට මරණයට පත් කළ සිරභාරයේ තබා සිටියදි මියගිය නීතිඥ විජේදාස ලියනාරච්චි දේහය නීති සංගමයේ තබා උපරිම ගෞරව කිරීමට ය.තවද මහා රථ පෙරහරකින් ඔහුගේ ගමවූ වීරකැටියට කොළඹ සිට රථ පෙරහරකින් රැගෙන යාමටය. මේ ඉල්ලීම රජයවිසින් එකහෙළාම ප්‍රතික් ෂේප කර තිබුණි.මේ බව දැනගත් තරුණනීතිඥ පිරිස් හිස් මිනි පෙට්ටියක් රැගෙන අලුත්කඩේ උසාවි සංකීර්ණය වෙත පෙරහැරින් ගෙනවිත් යකා නටන්නට පටන් ගත්තේය.මේ දේහය නැවත කොළඹ නීති සංගමයට ගෙනන ලෙස ඉල්ලා අධි කරණයට අයදුම් පතක් ද ඉදිරිපත්කර ඒ තීන්දුව ආරක්ෂක ඇමති තුමාට හා පොලිස්පති තුමාටද ඉදිරිපත් කලේය . මේ මරණය සම්බන්ධ අදාළ කමිටුවක් පත්කර රටේ ගුවන් විදුලිය,රුපවාහිනියට මෙන්ම සෙසු පුවත්පත්වලට බාරදීමට මටත් පසුකලෙක ඝාතනයවූ සේපාල රත්නායකටත් පැවරුණි.අප දෙදෙනා ලේක්හවුස් හා ගුවන් විදුලියට ඒ පුවත් බාරදී නිවෙස් බලා පිටත්වූ අවස්ථාවේදී අප පිටුපස හමුදා රථයක් එනබව දැනී දෙදෙනාම වෙනත් මගක් ඔස්සේ නිවෙස්බලා පිටත්විය.මා කසිදු කරදරයක් නොමැතිව පැමිණියත් සේපාල රත්නායක ගේ මෝටර් රථය පිටුපස සිය නිවසට යන මග තෙක්ම ඒ රථය පැමිණි තිබුබව මට රාත්‍රියේ දැනගන්නට ලැබුණි.
නීතිඥ සංගමයේ තීරණයට අනුව අවමගුල් උත්සවය සංවිධානය සම්බන්ධ කමිටුවක් පත්කර තිබුණි. ඒ කමිටුව නීතිඥ සංගමයේ තීරණයට ද අවනත වියයුතු බව පහදා දී තිබුනි. පාලිත මම ද ඒ කමිටුවට ඇතුලත් විය. ඉන් එක රැස්වීමක් පැවැත්වුයේ වුර්තිකයන්ගේ සමිති ශාලාවේදීය. එයට නැසීගිය ජනාධිපති එච් .එල් ද සිල්වා , ප්‍රින්ස් ගුණසේකර ,ඩී .එස් විජේසිංහ රම්බණ්ඩා සෙනෙවිරත්න ,සේපාල රත්නායක, සහ සංගමයේ ලේකම් වරයාවූ උපාලි ගුණරත්න ඇතුළු කිහිප දෙනෙක් සහභාගී වූ බව මට මතක යට නැඟේ .
කෙසේ නමුත් අපගේ ඉල්ලීම ඉවතදැමු රජය ලියනාරච්චි ගේ දේහය හෙලිකොප්ටර් යානාවක් මගින් ඔහුගේ උපන් ගම වූ විරකැටියට ගෙනයනබව අපවෙත දන්වා තිබුණි. මින් පසු අපේ සැළසුම් වෙනස්කිරීමට එදින සවස සිදුවිය. මේ අනුව අවමගුල් උත්සවයට සහභාගී වීමට 600 පමණ විශාල නීතිඥ පිරිසක් කැමැත්ත පළකර තිබුණි. මේ අනුව අපට ඒ සඳහා බස්රථ සොයාගැනීමටත් ,ඒ සඳහා විශාල මුදලක් සොයාගැනීමේ අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවිය.මෙම මරණයත් සමග ජවිපෙ විසින් දකුණු පළාත ශෝක කලාපයක් බව ප්‍රකාශ කොට තිබුණි. බස්රථ 8-10 සොයාගැනීමට ඉමහත් වෙහෙසක් අපි දෙදෙනාට දරන්නට සිදුවිය. ඒ සඳහා අවශ්‍ය මුදල් අප බලාපොරොත්තු නොවූ එවකට එජාප රජයේ හිතවත් විවිධ නිලතල දරු ජේෂ්ඨ නීති ඥයන් රැසක්ම පරිත්‍යාග කලේ ඔවුන්ගේ නිවෙස් වලට අප දෙදෙනාටම පැමිණෙන ලෙස ඉල්ලීම් කරමිනි. මේ සම්බන්ධව ඔවුන්ගේ නම් කිසිසේත්ම හෙළි නොකිරීමට අප දෙදෙනා දැනුවත් කළේය.බොහෝ බස් රථ සමාගම් මෙවන් කලෙක ජවිපෙ තර්ජන විරෝධතා මැද ලබාදීමට මැලිවිය. අවසානයේ මගුල් ගෙදරකට යාමට බස් ලබා ගෙන ලෙස ඉල්ලමින් මේ සඳහා අපේ සංගමයේ දෙටු නීතිඥ යන්ගේ ද අනුග්‍රහය ඇතිව සංචාරක සේවයේ පමණක් යෝදාගනු ලැබූ බස්රථ 6 ක්ද තවත් බස් රථ කිහිපයක්ද මේ ගමන සඳහා යොදා ගැනීමට අපට හැකිවිය.
තවත් කොටසක් බලාපොරොත්තුවන්න
ශාන්ත සේනාධීර -කතෘ ලංකා නිවුස් යුකේ. @
On Friday, 3 September 2021 at 15:44:17 BST, Shanthi Senadheera <shanthi.senadheera@yahoo.co.uk
Batalanda Detention Centre -at Sapugaskanda Makola
(Date of Published 02/10/2021 )
කොටස් 4 කින් සමන්විත මෙම ලිපි පෙළ මා විසින් මෙහි පලකරනු ලැබුවේ 2021 ඔක්තෝබර් මස පටන්ගෙනය. මේ ලිපි හා සේයාරූප දැනට යු ටියුබ් හි මගේ කිසිදු අවසරයකින් තොරව ලබාගෙන පල කර ඇත .සත්‍ය කරුණු දැනගැනීමට කරුණාකර මේ ලිපි පෙළ කියවන්න.@