විජයගේ පිළිරුවට ගල් ගහලා

0
334

විජයගේ පිළිරුවට ගල් ගහලා
LANKADEEPA LK NEWS
කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 01
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල පොදු වෙලද සංකීර්නය ඉදිරිපිට ඉදි කර ඇති ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසියම් පුද්ගලයකු විසින් ගල් පහරක් එල්ල කිරීම නිසා හානි සිදුවී ඇත.

පිළිරුවේ මූණට කල් පහරක් වැදීමෙන් එහි කොටසක් ගැලවී ගොස් ඇතැයි කියති.

කුමාරතුංග මහතාගේ පිළිරුවට හානි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දෙහිවල පොලිසියෙ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පැමිණිල්ලක්මෙතෙක් ලැබී නොමැති වුවත් මෙම හානිය සිදු කළ පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here