වසර 11කට පසු ජන හා නිවාස සංගණනයක්

0
359

වසර 11කට පසු ජන හා නිවාස සංගණනයක්
ARUNA LK NEWS
By Mawbima -ජූලි 11, 2023


ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබ ඇති මෙම ගැසට් නිවේදනයට අනුව එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්විය යුතු ය.
15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය නතර විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන හා නිවාස සංගණනය සිදු වී ඇත්තේ, 1871 වසරේදී ය.
ඒ අනුව, මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ, 2012 වසරේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here