
වන අලීන්ට GPS කරපටි
ARUNA LK NEWS
05 January 2025
වන අලින්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීමට GPS තාක්ෂණය සහිත විශේෂ කරපටියක් අලි රංචුවල සිටින ප්‍රධාන අලියාට හෝ ඇතින්නට පැළඳවීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.
ඔවුන් සඳහන් කළේ ඒ සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරාවල සහයද ලබාගෙන ඇති බවයි.
ඔයාමඩුව ප්‍රදේශයේ වන අලි තර්ජනයට විසඳුමක් ලෙස වනජීවී නිලධාරීන් විසින් අලි රංචු විල්පත්තු ජාතික වනෝද්‍යානයට පන්නා දැමීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කළේය.
මෙම මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.