වත්මන් සංඝ පරපුරෙහි ආගමික හා සමාජ සත්කාරක හා ප්‍රජා සේවාවන් රැසක් අරඹමින් කටයුතු කළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙයි

0
301

වත්මන් සංඝ පරපුරෙහි ආගමික හා සමාජ සත්කාරක හා ප්‍රජා සේවාවන් රැසක් අරඹමින් කටයුතු කළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙයි

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපතිව වැඩ විසු කොළඹ නව කෝරලයේ ලංකාවේ බස්නාහිර පළාතේ සංඝනායක ගල්බොඩ ඤාණිස්සර හිමි ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් විය. උන්වහන්සේ අපවත්වන විට 81 වන වියෙහි පසුවිය. වත්මන් සංඝ පරපුරෙහි ආගමික හා සමාජ සත්කාරක හා ප්‍රජා සේවාවන් රැසක් අරඹමින් කටයුතු කළ බොදු යතිවරයෙකු උන්වහන්සේ හඳුන්වා තිබුණේ ගංගාරාමයේ ” පොදු හාමුදුරුවෝ” යන නමිනි.අගනුවර වෙසෙන දුගී ප්‍රජාවගේ ජිවන තත්වය ඔසවා තැබීමට උන්වහන්සේ විසින් ඇරඹු සේවාව ප්‍රසංෂනිය එකකි.

උන්වහන්සේ උපත් ලබා තිබුණේ 1943 දී ශ්‍රී ලංකාවේ මාතර මහ නගර සභාවේ ගල්බොඩ ග්‍රාමයේය.වයස අවුරුදු අටේදී ඔහු පැවිදි වීමට ගංගාරාම විහාරස්ථානයට වැඩම කර එන ලදී. ඔහුට “පොඩි හාමුදුරුවෝ” යන නම ලැබුණේ ඒ නිසා බව සඳහන්වේ. දෙවුන්දර රතනජෝති හිමිපාණන් යටතේ පැවිදි දිවියට ඇතුළුවූ උන්වහන්සේ ගංගාරාමයේ වැඩවිසූ එහි විහාරාධිපති වාචිස්සර නාහිමි යටතේ කොළඹ ගංගාරාමයට ඇතුලත්වී තිබුණේ 1954 නොවැම්බර් 8වනදා යයි සඳහන්වේ.
එවකට විහාරාධිපතිව වැඩ විසූ දෙවුන්දර රතනජෝති (දෙවුන්දර වාච්චිස්සර හිමි) උන්වහන්සේගේ ගුරුවරයෙකි.[3] 1959 වන විට දෙවුන්දර වච්චිස්සර හිමියන් රෝගාතුර වී දෘෂ්‍යාබාධිත වී ආබාධිත තත්ත්වයට පත් විය. උන්වහන්සේගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් වච්චිස්සර හිමියන් ඇතුළු විහාරස්ථානයේ නායකත්වය විසින්ම ගල්බොඩ ඤාණිස්සර හිමියන්ට විහාරස්ථානයේ පාලනය භාර ගන්නා ලෙස ඉල්ලා සිට ඇත . ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16ක් විය. විහාරස්ථානයේ පරිපාලනය භාර ගැනීමෙන් පසු, ගල්බොඩ ඤාණිස්සර හිමියන් රෝගාතුරව සිටින දෙවුන්දර වච්චිස්සර හිමියන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් 500 ක් එකතු කල බව සඳහන් වේ.මෙම ගංගාරාම විහාරස්ථානය අද පවතින තත්වයට ගෙන ඒමට උන්වහන්සේ කළ සේවාව ප්‍රසංසණිය එකකි.කොළඹ වෙසෙන බෞද්ධ වියාපාරික හා දේශපාලනික ප්‍රජාව මුල් කර ගෙන කොළඹ නගරයේ ප්‍රධානතම විහාරස්ථානයක් බවට ගෙනඒමට උන්වහන්සේ කල කැප වීම ලේසි පහසු ගමනක් නොවිය.

2003 දී ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සංඝනායක ලෙස මල්වතු පාර්ශ්වයෙන් ගල්බොඩ ඤාණිස්සර හිමි පත් කරන ලදී. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල සංඝනායක ද වූ නමුත් පසුව එම තනතුර පසුව උන්වහන්සේ ඒ තනතුර අත්හැරියේය. අස්ගිරි පාර්ශ්වයෙන් උන්වහන්සේට ආචාර්ය උපාධියට සමාන “දර්ශන විශාරද” පිරිනමා තිබුණි.

.උන්වහන්සේ කල සේවාවන අතර ප්‍රජා සේවා මූලික වශයෙන් වෘත්තීය අධ්‍යාපනය, ළමුන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා නිවාස නොමැති නිවාස, සනීපාරක්ෂාව සහ පිරිසිදුකම යන ක්ෂේත්‍රවල සිදුකළ සේවාවන් පිලිබඳ සඳහන් කල හැකිවේ. වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගංගාරාම විහාරස්ථානය නොමිලේ වෘත්තීය පුහුණුව ලබා දුන් අතර . දිනකට 7,000 කට අධික පිරිසක් පන්ති සඳහා සහභාගී වූ තාක්ෂණික පාඨමාලා 50 කට වැඩි ප්‍රමාණයක් සඳහා පුහුණුව ලබා දේ. “ශ්‍රී ජිනරතන අභ්‍යාස ආයතනයේ” පුහුණුව පැවැත්වුයේය. සමහර විෂයයන් වන්නේ ලේකම් පාඨමාලා, ඉංග්‍රීසි භාෂාව, ඉලෙක්ට්‍රොනික, මෝටර් යාන්ත්‍රණය, බ්‍රිකොලේජ් (ටින්කරින්), පින්තාරු කිරීම, කම්මල්කරු, වෙල්ඩින්, විදුලි රැහැන් ආදිය ද සඳහන් කල හැකිය.

කතරගම ගංගාරාම විහාරස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාසය ගල්බොඩ ඤාණිස්සර හිමියන් විසින් ආරම්භ කරන ලදී. වැඩිහිටි නිවාසය මූලික වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ ඔවුන්ගේ පවුල් විසින් අතහැර දමා ඇති හෝ පවුලක් නොමැති වැඩිහිටි පුද්ගලයින් සඳහා නිවාස නොමැති නවාතැනක් වශයෙනි කතරගම සහ කෝට්ටේ ඔහු ළමා නිවාස ආරම්භ කර ඇත. සියලුම ආගම්වල දරුවන්ට විවෘතව ඇති අනාථ නිවාස දෙමාපියන් විසින් අතහැර දැමූ දරුවන්ට නවාතැන්, පාසල් අධ්‍යාපනය සහ ඇති දැඩි කිරීම සපයයි. බුද්ධිමය ආබාධිත හා ශාරීරික ආබාධ සහිත දරුවන්ට ද එහි නවාතැන් සලසා ඇත.

ගල්බොඩ ඤාණිස්සර හිමියන් විසින් සිඟිති උයනෙහි සුමංගල දහම් පාසල සහ පෙර පාසලක් ද පිහිටුවන ලදී. සනීපාරක්ෂාව සහ පිරිසිදුකම සඳහා උන් වහන්සේ මුදල් එකතු කර ශ්‍රී ලංකාවේ විවිධ පැවිදි පාසල්වලට වැසිකිළි හා කැසිකිළි පරිත්‍යාග කර ඇත. ආදර්ශයක් තැබීම සඳහා සහ සනීපාරක්ෂාව සහ පිරිසිදුකම ප්‍රවර්ධනය කිරීම සඳහා, ඔහු වැසිකිලි සෝදා පිරිසිදු කරන අයුරු දැකගත හැකි විය.

අගනුවර බොදු මහා මංගල්‍ය ලෙසින් ප්‍රකට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහැර හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අධිපතිත්වය දැරූ දෙවුන්දර වාජිස්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ කර තිබුණි.ඒ හිමියන්ගේ අසනීප තත්වය සමග කලක් නැවතී තිබුන පෙරහැර ගලබොඩ ශ්‍රී ඥාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අහි විහාරාධිපති වීමෙන් අනතුරුව උන් වහන්සේගේ අනුශාසනා පරිදි 1979 වසරේ නවම් මස නැවත ආරම්භ වීය. එය දැනට සංචාරක ප්‍රවර්ධනය මුල් කරගෙන පවත්වනු ලබන අප රටේ බොදු උරුමය සංස්කෘතික දායාද අගනුවර දී වාර්ෂිකව ලොවටම විදහා දක්වනුලබන පෙරහරකි.එය කොළඹ නවම් මහ පෙරහැර ලෙසින් ප්‍රකට එකකි. සිමාමාලකයද උන්වහන්සේගේ අනුශාසනා පෙරදැරිව ඉදි කෙරුණු මන්දිරයකි. ගංගාරාම විහාරය ලොව බොදුනු රටවල බුදු දහම පිළිම වලින් කැටයම් වලින් අලංකාරවත් ලෙස අපේ ශ්‍රී විභූතිය ලොවටම විදහා පෙන්වන විහාරස්ථානයක් ලෙස පැවත ගෙන යන්නට උන්වහන්සේ කටයුතු සලසා තිබිම එකී සේවාවේ තවත් හැඳින්විය යුතු කරුනක් බව සඳහන් කල යුතුය.

මට ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතෙහි සේව්වවේ යෙදෙන සමයේදී උන් වහන්සේ නිතර උත්සව වලදී බැහැදැකීමට හා කතාබහෙහි දීමට හැකිවිය. මා නීති වුර්තියෙහි යෙදෙන අවදියෙහි 1980 දශකයෙහි දිනක අලුත්කඩේ බෙල්මන්ට්පාරේ පිහිටි මගේ කන්තෝරුවට කිසිදු පෙර දැනුම් දීමකින් හෝ නොමැතිව උන් වහන්සේ පැමිණියේය. මා මේ ගැන විමතියට පත්ව හාමුදුරුවනේ කලින් කියන්නෙවත් නැතිව මෙහි ආවේ විමසා සිටියේය. මට හදිසි වැඩක් අදම කලයුතු වැඩක්. කෝට් දාගෙන යමු දිසා අධිකරණ කාර්යාලයට.මා උන්වහන්සේ සමග රෙජිස්ටර් තැන හමුවීමට ගිය අතර උන්වහන්සේ දැක කාර්යාලයේ බොහෝ දෙනෙකු වැඳ වැටුණු හැටි මට අදමෙන් මතකය. උන් වහන්සේට එක්තරා නඩුවක නඩු පිටපතක් එවෙලේම ලබාගන්නට අවශ්‍යවී තිබුණි. ඒ පසුදින එවකට අගමැතිවරයාවූ ආර් ප්‍රේමදාස මහතාට ලබාදීමට ය. මා කොතෙකුත් එය උන්වහන්සේට ගෙනවිත් දෙන්නම්යයි කීවද පැවසුවේ උන්වහන්සේ පැවසුවේ මට අදම අතට ගන්න ඕන නිසයි එහි පැමිනි බව පවසා පැයක් 2ක් ඇතුළත ඒ සහතික පිටපත් රැගෙන එදින හැටි මට අදමෙන් මතක්වේ..උන්වහන්සේ කුමට විරෝධයක් පැමිණියද පසු නොබැස්සු බොදු යතිවරයෙකු විය.උන් වහන්සේ මගේ බිරිඳගේ මවගේ පාර්ශවයේ ඥාතිවරයෙකු ද විය.උන් වහන්සේ අවසරකට අධික කළක් සිංගප්පුරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට අනතුරුව යම් මට්ටමකට සුවවූ ව්ගසා පසුගිය මාස කිහිපයකට පෙර නැවතත් ගනගරාමයට වැඩම කර තිබුනේය.

පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.ඒ අනුව අගෝස්තු 05 වැනිදා සඳුදා සවස විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත් වෙන බව ආදාහන කාරක සභාව දැනුම් දී තිබේ.

අපේ වත්මන් පරපුරේ බොදු යතිවරයන් අතර නම් සඳහන් කල පමණින් ප්‍රතිරූපය මැවී පෙනුණු එඩිතර දැහිතකාමි ගලබොඩ ඤාණිස්සර හිමිපාණන්ව අම මහ නිවන් සුව අවබෝධ කර ගනිත්වා..

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යු කේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here