ලෝක විවාහක රූ රැජන අනුශූරිය ඉෂාදි අමන්දා දිවයිනට

0
67

ලෝක විවාහක රූ රැජන අනුශූරිය ඉෂාදි අමන්දා දිවයිනට

February 5, 2025

අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවැති 40 වැනි ලෝක විවාහක රූ රැජන තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් වූ ඉෂාදි අමන්දා මහත්මිය ඊයේ (04) මෙරටට පැමිණියාය.

මේ තරගාවලිය පසුගිය 30 වැනිදා පැවැති අතර ලෝකයේ රටවල් 40ක් නියෝජනය කරමින් විවාහක රූ රැජනියෝ මීට සහභාගි වී සිටියහ.

ඇය පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධාන කළ උත්සවයක් ද ඊයේ (04) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණී පෙරේරා, එහි සහකාර අධ්‍යක්ෂ සුරේෂණී පිළපිටිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.(DINAMINA LK NEWS)

කටුනායක – ටී.කේ.ජී. කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here