ලෝක බලවතා හදිසියේම ජාතිය අමතා ලෝකයටම කළ විශේෂ ප්‍රකාශය

0
301

ලෝක බලවතා හදිසියේම ජාතිය අමතා ලෝකයටම කළ විශේෂ ප්‍රකාශය
ARUNA LK NEWS
20 October 2023

ලෝක බලවතා හදිසියේම ජාතිය අමතා ලෝකයටම කළ විශේෂ ප්‍රකාශය

මේ වන විට ගාසා තීරය මුල් කොට ගෙන ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇතිව තිබෙන යුධමය තත්තවය පිළිබඳව ලෝකයම අවධානයෙන් පසුවෙයි. ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකර තිබේ.

මේ තත්ත්වය දෙස සියලු අමෙරිකානුවන් අවධානයෙන් සිටිය යුතු බවයි හදිසියේ ජාතිය ඇමතු ජෝ බයිඩ්න් අදහස් පළ කර ඇත්තේ.

විනාඩි 15ක් පමණ වූ ඔහුගේ කතාව තුළ හමාස් සංවිධානය, රුසියානු නායක පුටින්ගේ ආධාර අනුබල ලබන බවට සහ මේ ආකාරයට එක් වරම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ, රුසියානු නායකයාගේ මැදිහත් වීමක් හමුවේ යැයිද අමෙරිකානු නායකයා ප්‍රකාශ කොට ඇත.

මේ අවස්ථාවේදී සියලුම අමෙරිකානුවන් එක්ව, ලෝක සාමය රැක ගැනීම සඳහා සහය දිය යුතු බවයි ජෝ බයිඩ්න් අවධාරණය කර ඇත්තේ.

පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලයටත්, රුසියාවට එරෙහිව යුක්‍රේනයටත් තවදුරටත් අමෙරිකානු යුද ආධාර ලබාදීම සඳහා අමෙරිකානු කොංග්‍රසයේ සහය අපේක්ෂා කරන බවද අමෙරිකා ජනපති ජෝ බයිඩ්න් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here