ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී සමිත දුලාන්ට ලෝකඩ පදක්කමක්

0
372

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී සමිත දුලාන්ට ලෝකඩ පදක්කමක්
DINAMINA LK NEWS
July 14, 2023


ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන් සමත් විය. ඔහු 2022 ඔලිම්පික් උලෙළේදී ද හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. අතක් අහිමි හෝ අතක් ආබාධිත F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ සමිත දුලාන් එම ඉසව්වේ මීටර් 64.06ක දක්ෂතාවක් දැක්වූයේය. එහි පළමු ස්ථානය ඉන්දීය ක්‍රීඩක සුමිට් අන්ටිල් මීටර් 70. 83කින් දිනාගත් අතර, එය ඔහුගේම ලෝක වාර්තාව බිඳ දැමීමක්ද විය. මෙහි පැරණි ලෝක වාර්තාව වූයේ මීටර් 68. 55කි. රිදී පදක්කම ඔස්ට්‍රේලියාවේ මිචල් බ්‍රියන් දිනාගත්තේය.

මෙයට පෙර දිනේෂ් ප්‍රියන්ත සහ ප්‍රදීප් සංජය ලෝක පැරා මලල ක්‍රීඩා පදක්කම් දිනා ගත්හ. මේ 17 දක්වා පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් ප්‍රියන්ත සහ ප්‍රදීප් සෝමසිරි යන ක්‍රීඩකයෝද එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here