ලෝක පාපන්දු ශුරතාව 2022  ආර්ජන්ටිනාව හිමිකර ගනී.

0
366

Argentina FIFA World Cup 2022 Winners

ලොව  ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ .වසර 4 කට වරක් පැවැත්වෙන මේ මහා ක්‍රිඩාවලියේ  මෙවර ලෝක ශුරතාව ආර්ජන්ටිනාව හිමිකර ගත්තේය. තරඟයේ අනු ශුරතාවය පසුගිය ශුරයින් වු ප්‍රංශය විසින් දිනාගනු ලැබුණි.අවසන් තරඟය දෙසැම්බර් මස 13 වෙනි ඉරුදින දෝහ කටාර්හි දී  පවත්වන්නට යෙදුනි.මෙවර තරඟය ඉතා උණුසුම් එකක් විය.

ආර්ජන්ටිනාව හා ප්‍රංශය අතර පැවති අවසන් මහා තරඟයේදී  ගෝල 3-3ක් සමවීමෙන් පසුව අතිරේක කාලයෙන් පසුව දඬුවම් පහර 4-2කින් ශූරතාව හිමි ප්‍රංශයට එරෙහිව අවසන් මහා තරගය ජයගත් ආර්ජන්ටිනාව ශූරයන් විය. ප්‍රංශ ක්‍රීඩක කයිලියන් මාපේ  (Kylian Mbappé)  1966 අවසන් මහා තරඟයේදී ජෙෆ් හර්ස්ට්  ගෙන් පසුව (Geoff Hurst) පසුව ලෝක කුසලාන අවසන් තරඟයකදී එකම තරඟයකදී ගෝල 3ක්  (Hat-trick) එකක් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත් වූ අතර තරඟාවලිය තුල වැඩිම ගෝල (8) ලබා ගත් ඔහු රන් පාදය  ලෙස හැඳින්වෙන (Golden Boot) සම්මානය දිනා ගත්තේය. ලොව ඇති ජනප්‍රිය දක්ෂතම ක්‍රිඩකයෙකුවූ ආර්ජන්ටිනාවේ නායක ලයනල් මෙසී තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා (  Best Player  )ලෙස තේරී පත් වූයේ රන් පන්දුව හිමිකරගනිමිනි. තරඟාවලියේ දක්ෂතම ගෝල රකින්නාට පිරිනැමෙන රන් අත්වැසුම ( (Golden  Golves )සහ තරඟාවලියේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට පිරිනැමෙන යොවුන් ක්‍රීඩක සම්මානය පිළිවෙලින් ආර්ජන්ටිනාවේ එමිලියානෝ මාර්ටිනස් සහ එන්සෝ ෆර්ඩිනඩ්ස් (Emiliano Martínez) -( Enzo Fernández) දිනා ගත්හ.

ඒ අනුව රියෝ හි මරකානා ක්‍රීඩාංගනයේදී ජර්මානුවන් එදා උදුරා ගත් ලෝක කුසලානයේ පහස විඳ ගැනීමේ අවස්ථාව මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාවට යළි හිමිව ඇත.එමෙන්ම මෙම තරගයේදී ලබා ගත් ගෝලත් සමග ආර්ජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලිහිදී වැඩිම ගෝල සංඛ්‍යාවක් හිමි කරගත් ක්‍රීඩකයා ලෙස ලියොනල් මෙසී වාර්තා පොත් අතරට පිවිසියා.1986 පසුව නැවත වරක් වසර 3 පසුව  ලෝකශුරයන් වීමේ භාග්‍යය ආර්ජන්ටිනාව සතුවීම මේ තරඟයේ කැපී පෙනෙන  සිදු විමක්  ලෙස සඳහන් කල යුතුය.

 ලෝක සංගම් කුසලානය (2022 FIFA )යනු එම සංගමයේ සාමාජික රටවල සංගම්වල නියෝජනය කරනු ලබන පිරිමි ජාතික කණ්ඩායම්  විසින් තරඟ කරන ලද ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියකි. එය මේ වසරේ නොවැම්බර් 20 සිට දෙසැම්බර් 18 දක්වා දෝහා  කටාර් හිදී පැවැත්විණි,.එය අරාබි ලෝකයේ සහ මුස්ලිම් ලෝකයේ පවත්වන ලද පළමු ලෝක කුසලානය බවට පත් වූ අතර, 2002 දකුණු කොරියාවේ සහ ජපානයේ පැවති තරඟාවලියෙන් පසුව සම්පූර්ණයෙන්ම ආසියාවේ පැවති දෙවන ලෝක කුසලානය විය.මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානය සඳහා  සත්කාරකත්වයක් දරණ ප්‍රථම අවස්ථාව මෙයවිය. ප්‍රංශය 2018 අවසන් මහා තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජය කරමින් වත්මන් ශූරයන් විය. ඩොලර් බිලියන 220කට වැඩි ඇස්තමේන්තුගත වියදමකින් තරඟ සංවිධානය සඳහා වැය  කරණ  ලද  මෙතෙක් පැවති මිල අධිකම ලෝක කුසලාන තරඟය ලෙස සැලකේ.එම  සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී නසාර් අල් ඛාටර් ඇතුළු කටාර් නිලධාරීන්ලොව විවිධ රටවල්  මෙම මුදල සම්බන්ධව  විවේචනයටද  මතභේදයට ද ලක්ව තිබේ. ඔහු සත්‍ය පිරිවැය ඩොලර් බිලියන 8 ක් වූ බව පැවසූ අතර 2010 වසරේ ලෝක කුසලානය කටාරයට ප්‍රදානය කළ දා සිට සමස්ත යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ අනෙකුත් සංඛ්‍යාලේඛනවලට මෙම විරුද්ධ වී තිබුණි.

මෙම තරඟාවලිය කණ්ඩායම් 32 ක් සහභාගී වූ අවසන් තරඟාවලිය වූ අතර, 2026 සංස්කරණය සඳහා තරඟාවලිය කණ්ඩායම් 48 දක්වා වැඩි කිරීමට නියමිතය. කටාර්හි උණුසුම් දේශගුණයේ අන්තයන් මඟහරවා ගැනීම සඳහා, තරඟාවලිය  නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පවත්වනට යෙදුනු බව කියවේ.. කටාර් ජාතික පාපන්දු කණ්ඩායම මෙම ඉසව්වට ඇතුළත් විය – ඔවුන්ගේ පළමු ලෝක කුසලානය – සත්කාරක ජාතික කණ්ඩායම ලෙස ස්වයංක්‍රීයව, සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය අනුව තීරණය කරන ලද කණ්ඩායම් 31 සමඟින්. කටාරය කණ්ඩායම් තරග තුනම පරාජයට පත් විය. සෑම තරගයක්ම පැරදුණු ලොව පළමු සත්කාරක කණ්ඩායම බවට පත්වෙමින්, මුල්ම සත්කාරක රට තරඟයෙන් ඉවත් කරන ලදී,

. කටාර් හි ලෝක කුසලානය පැවැත්වීම සඳහා මුලින්ම  තේරීම පිලිබඳ සැලකිය යුතු විවේචනයට ලක්වූ කරුණක්  විය,සංක්‍රමණික කම්කරුවන්ට, කාන්තාවන්ට සහ සමලිංගික (LGBT }ප්‍රජාවේ සාමාජිකයින්ට එරට සලකන ආකාරය මෙන්ම කටාර්හි දේශගුණය, ශක්තිමත් පාපන්දු සංස්කෘතියක් නොමැතිකම, කාලසටහන් වෙනස් කිරීම් සම්බන්ධයෙන් මතු වූ  විවේචන රැසක්  ඔවුනට එල්ල වුවේය. සත්කාරක අයිතිවාසිකම් සඳහා අල්ලස් සහ පුළුල් FIFA දූෂණ චෝදනා සහ මේ ක්‍රීඩාගාර තැනීමේදී  ගොඩනැගිලි කම්කරුවන් 5000 අසන්නට ප්‍රමාණයක් විපතට පත්වූ බවට ගාර්ඩියන් පුවත්පත මෙන්ම ලොව මානුෂික අයිතිවාසිකම් සංගම් ආයතන විසින් මතුව තිබු විරෝධය තවමත් මතු වෙමින් පවතී.ලොවක් අමානන්දනයට පත්කරමින්  ජය පැරදුම බෙදා ගනිමින් සිය බොඳව ගිය සිහින  සැබෑකර ගන්නට යලිදු සිව් වසරකින්  මෙවැනිම  ලෝක මහා පාපන්දු තරඟයකින් හමු වන්නට ඉඩකඩ ලැබේවායි ඔබ සැමට අපි ප්‍රර්ථනා කරමු.

ශාන්ත සේනාධීර 

ලන්කානිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here