08/01/23

ලොව බොහෝ රටවල් මේ වනවිට ආර්ථික ගැටළු වලට මුහුණ දෙමින් සිටී.මේ අතර ඒ රටවල වෙසෙන බොහෝ දෙනෙකුට ජනප්‍රිය සංචාරක රටවල් ලෙස හඳුන්වනු ලැබ සිටින යුරෝපිය හා සෙසු රටවල වාර්ෂිකව සිදු කරනු ලබන සංචාරයන් සඳහා එක් අයෙකුට ඒ සඳහා ඉතා වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇත.විශේෂයෙන් තම දු දරුවන් ඇතුළු සිය පවුලේ සාමාජිකයිනට මෙම සංචාරයක් සඳහා එංගලන්තයේ හෝ යුරෝපියනට එක් අයෙකුට අඩු තරමින් පවුම් හෝ යුරෝ 5000 සිට 10000 පමණ වැය කිරීමට අවම වශයෙන් සිදුවේ.ඒ සඳහා වැය වන ගුවන් ගමන් හෝටල් ඇතුලු සියලු ගාස්තු ඇතුළත්වය.
අද ශ්‍රී ලංකාවේ දවස් 15 ක ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක් පමණ වැය වන බව ඉහත සඳහන් මෙම නිව්ස් වෙබ් අඩවි වල වාර්තා කර ඇත.මේ එම වෙබ් අඩවි විසින් කරන ලද සමීක්ෂණ අනුව ලොව රටවල් 12ක් ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් ලෙස හඳුන්වා තිබේ.
ලන්ඩනයේ පළවන අයි පුවත්පතෙහි (i News) හා එහි වෙබ් අඩවියේ ඊයේ 7දා පළවූ පුවතක සඳහන්ව ඇත්තේ ලොව අඩු මුදලකින් සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව බවයි. අද පවතින ආර්ථික කරුණු සැළකිල්ලට ගෙන ඔවුන් විසින් සඳහන් කර ඇත්තේ විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බවයි.මේ සඳහා ලබන පෙබරවාරි මස ඊට ඉතා යෝග්‍ය තම කාලය කාලය බව එහි සඳහන්වේ.ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයි එම වෙබ් අඩවිය සඳහන් කරයි.තවද සේයාරූ රැසක්ද මෙහි ඇතුලත්කර තිබුණි, ගුවන් බැලුම්, ස්කේටින් , තේ වතු හා අලංකාර මුහුදු වෙරළ , හා නෙළුම් කුළුනේද සේයාරූ මෙහි අතුඅලත්කර තිබුණි.
“විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටක් බව ශ්‍රී ලංකාවයි” එක්සත් රාජධානියේ අයි නිව්ස් පත වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
මෙහි ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවද අද ලංකාවේ ස්ටර්ලිං පවුම් එකක් මේ වන විට රුපියල් 441 ක් වී ඇතිබවත් අයි නිව්ස් වෙබ් අඩවිය සඳහන් කර තිබේදින 15 ක ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක අඩු මුදලක් බව ද අයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ඔවුන්ට මේ වසරේ අනුව ජනවාරි මස මොල්ටාව , පෙබරවාරියේ ශ්‍රී ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් මස ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය විශාල මුදලක් වැය නොකර නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරය කිරීමට සුදුසුම රටවල් ලෙස අයි නිව්ස් වෙබ් අඩවිය සඳහා කරයි.
මෙම වෙබ් අඩවි අතර ලෝන්ග්ලි ප්ලැනට් . ට්‍රවෙල් ට්‍රාන්ග්ල් .එෆෝදාබල් ට්‍රවෙල් ,ටුවර් ස්කෑනර් ,ඉලේම ට්‍රවෙල් ,ද ගාර්ඩියන් ,ප්ල්නට් වේව් ,රෙඩ් ඩොට්ටන් ලක්සරි ට්‍රිප්පර් යන සංචාරක සමාගම්හි වෙබ් අඩවි විශේෂයෙන් අපේ රටේ සංචාරකයන් ගෙන්වා ගැනීම ගැන බොහෝ පුවත් සිය වෙබ් අඩවින්හි පළ කරනු ලබන බව විශේෂයෙන් සඳහන් කල යුතුය.
ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ
(මෙහි පළවන සේයාරූ වල අයිතිය එම වෙබ් අඩවි සතු අතර ඒවා අන්තර් ජාලයෙන් මේ පුවත සඳහා පමණක් පළ කරනු ලබන බව කරුණාවෙන් සළකන්න )