
ලොරේන්සෝ පුතා සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදා ගනී
DIVAINA LK NEWS
January 29, 2024
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ලක් වූ ලොරේන්සෝ පුතා 04 නම් බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කළ බවයග
පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ ,ලොරේන්සෝ පුතා 04, බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදාය.