ලුතිනන් ජෙනරාල් සර් තෝමස් මේට්ලන්ඩ් (1760- 1824)

0
90

ලුතිනන් ජෙනරාල් සර් තෝමස් මේට්ලන්ඩ්

(1760- 1824)

නීතිඥ ශාන්ත සේනාධීර

ලංකා නිවුස් යු කේ.

කවුද මේ ශ්‍රීමත් තෝමස් මෙට්ලන්ඩ් -රොඩී කතකට පෙම්බැඳි ඔහුට සිදුවූ ඛේදවාචකය ?

අපේ ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේදී සිය පිවිතුරු ආදරය නිසා සිය දිවි අහිමි කරගත් මෙන්ම ආදරයේ නාමයෙන් රජකිරුළු, තනතුරු හැරදමා ප්‍රේමය වෙනුවෙන් සිය දිවිය කැප කළ පෙම්වතුන් පිළිබඳ පුවත් රැසක් පිළිබඳ අප විසින් කියවා ඇත. ඉතාලියේ රෝමියෝ ජූලියට මෙන්ම , ඉන්දියාවේ සාජහන් .මුම්ටාස් , ලංකාවේ සාළිය -අශෝකමාලා එවැනි කතා පුවත් කිහිපයකි.ලංකාවේ ද එවැනි වාර්තා ගත පුවතක් ලෙස සඳහන්වන්නේ මේට්ලන්ඩ් – ලොවිනා පිලිබඳ ආදර කතාපුවතයි.තෝමස් මේට්ලන්ඩ් අප රටේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනසමයේ මෙරට පහතරට පෙදෙස් පාලනය කල දෙවන ආණ්ඩුකාරයාවේ.ඔහු 45 වැනි වියෙහි පසුවූ අවිවාහක ඉතා කඩවසම් එරට යුධ හමුදාවේ ජෙනරාල් වරයෙකු ,පර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු විය. ඔහු මෙරටට පැමිණීම නිමිත්තෙන් පැවතී සාදයකදී රොඩී සම්භවයකින් පැවත ආ රූමත් තරුණියෙකුවූ ලොවිනා විසින් සිදු කළ රංගනයෙන් වසඟයට පත්වී ආදරයෙන් වෙලීම හේතුවෙන්

එය සිය තනතුරට නොගැළපෙන හැසිරීමක් සිදුවනබව මෙරට පුරවැසියන් විසින් කරණලද පැමිණිළි ගැන සැළකිලිමත් වූ

බ්‍රිතාන්‍ය රජතුමාවිසින් ඔහු එම තනතුරෙන් පහකරනු ලැබුණි.මේට්ලන්ඩ් ආණ්ඩුකාරතුමා විසින් සිය පෙම්වතිය මුණගැසීමට තැනු මන්දිරය වත්මන් ගල්කිස්ස මහ හෝටලය (Mount Laviniya Hotel)එය ඉන්දියාවේ ටජ් මහල් මන්දිරය සිහිපත් කරන සිහිපත්කරන සංසිද්ධියක් ලෙස හඳුන්වා දිය හැක.

ලුතිනන් ජෙනරාල් සර් තෝමස් මේට්ලන්ඩ් ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතී සමයේදී මෙරට ආණ්ඩුකාර පදවිය දැරූ දෙවැන්නා වේ. ස්කොට්ලන්ත ජාතිකයෙකුවූ ඔහු උපතලබා තිබුණේ 1760 මාර් තු මස 10 වනදාය.ඔහුගේ පියා වංශවත් පරපුරකින් පැවත ආ 7 වන ලෝඩ් ඩෙරෙල් අර් ල් පදවිය දැරූ ජේම්ස් මේට්ලන්ඩ් විය. ඔහු සිය මුලික අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාලට ඇතුළත්වී තිබුණි. අනතුරුව ඔහු යුධ හමුදා නිලධාරියෙක් ලෙස හමුදාසේවයට එක් වී කෙටි කාලින සේවාවකින් පසු ඔහු සිය පරපුර අනුව යමින් දේශපාලනයට අවතීර් ණවී තිබු බව ඒ පිළිබඳ පුවත්වල සඳහන් වේ. ඔහු 1790 සිට 1796, 1802–06 සහ 1812–13 දක්වා ස්කොට්ලන්තයේ හැඩින්ටන්හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද සේවය කළේය. ඉන්අනතුරුව ඔහු 1803 නොවැම්බර් 23 වන දින ප්‍රිවි කවුන්සිලර් වරෙයෙකු බවට පත් කරන ලදී.

බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව 1796දී ලන්දේසින් යටත් කර ගැනීමෙන් පසු 1802 දී මෙහි ප්‍රථම ආණ්ඩුකාරවරයාලෙස ශ්‍රීමත් ෆෙඩ්රික් නෝත් පත් කරනලදී.විවිධ හේතුන් මත ඔහු එම තනතුරෙහි රැඳී සිටීමට සිදුවුයේ ඉතා කෙටි කාල සීමාවකට විය.ඔහුගේ ඇවෑමෙන් ලංකාවේ ආණ්ඩුකාර පදවියට 1805 දී තෝමස් මේට්ලන්ඩ් පත් කරනු ලැබුවේය. බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ විවිධ සම්මානයන් පිදුම් ලද විශිෂ්ඨ ලුතිනන් ජෙනරාල් තනතුර හෙබවූ වූ ඔහු යුරෝපයේ මෙන්ම බ්‍රිතාන්‍ය යටත්විජිත් රැසක සේවාවේ නියුතු අත්දැකීම රැසකින් යුත් හමුදා නිලධාරියෙකු විය.එම සම්මාන අතර නයිට් ග්‍රෑන්ඩ් ක්‍රොස් ඔෆ් ද ඕඩර් ඔෆ් ද බාත් සම්මානය,රාජකීය ගුල්ෆික් ඕඩර් ඔෆ් නයිට් ග්‍රෑන්ඩ් ක්‍රොස් සම්මානයන් ගෙන් පිදුම් ලද අයෙකු විය.

අපරටේ මෙන්ම බ්‍රිතාන්‍යයේ ද තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තරම් කතාබහට ලක්වූ ආණ්ඩුකාරවරයෙකු අප යටත් විජිත ඉතිහාසයේ අසන්නට නැති තරම් යයි කිවොත් නිවැරදිය. අප රටේ ඔහු හා සබැඳුණු අසීමාන්තික ආදර කතාව පිළිබඳ ලියැවී ඇති පුවත් අපරටේ සමාජමාධ්‍යවල ලිපි සිය ගණනක් ඇති බව ඒ පිළිබඳ කරනුලැබූ කෙටි ගවේශනාත්මක අධ්‍යනයකින්පසු දැනගන්නට ඉඩකඩ සැලසුණු බව මෙහි ලා සඳහන් කල යුතුය.ඒවා සිංහල ,ඉංග්‍රීසි ,හා දෙමළ යන භාෂා වලින් ලියවී තිබීම විශේෂ කරුනක් ලෙස හැඳින්විය හැක..ඒ අතර නවකතාපොත් කිහිපයක් ද වේදිකානාට්‍ය ද කිහිපයක් ද වෙති.

මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ මෙරට පාලනයේ නිරතවුයේ 1805-1811 කාලය තුළය. 46 හැවිරිදි උපාධිධාරියෙකු වූ ආණ්ඩුකාර මේට්ලන්ඩ් “කිං ටොම්” ලෙසද හැඳින්වා තිබුණි. ඔහුගේ චරිතාපදානය අනුව ඔහුගේ චරිතය “යකඩ කැමැත්තකින් පාලනය වන ශ්‍රේෂ්ඨ මිනිස් බලවේගයක්” ලෙස ද එහි සඳහන්විය.එකී ආදරය අන්දරය ඇරඹුණු සැටි බොහෝ කතුවරයන් මෙන්ම ලේඛකයන් විවිධ අයුරින් කියවන්නන් සිත් ගන්නා අයරින් සඳහන් කිරීමට පෙළඹ ඇති බව සඳහන් කල යුතුය.

“මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණි විට ඔහුගේ ගෞරවය පිණිස පිළිගැනීමේ සාදයක් සංවිධානය කර තිබුණි. මෙම සාදයේදී දිවයිනේ විවිධ ජනකොටස් විසින් ගී හා නැටුම් කණ්ඩායම් විසින් නව ආණ්ඩුකාරවරයා පිනවන්නට නැටුම් ඉදිරිපත්කර තිබු අතර මේ නැටුම් අතුරින් ඔහුගේ සිත නොදැනුවත්වම ඇදීගියේ නැටුමක් ඉදිරිපත්කළ කඩවසම් ලස්සන දේශීය ජිප්සී නැටුම් (රොඩී කුලයට අයත් ) ශිල්පිනියක වෙතය. ඇය ලවීනියා අපොන්සුවා නම් වූ මෙම රූමත් තරුණිය පෘතුගීසි හා සිංහල සම්මිශ්‍රණයකින් පැවෙත ආ පවුල් පසුබිමකට අයත් වූඅයෙකු වුවාය. ඇගේ පියාගේ එම නැටුම් කණ්ඩායමේ ප්‍රධාන නැටුම් ශිල්පිනියවූ ඇය දුටුවන් සැණකින් මන බඳිනා රු සපුවකින් යුත් තරුණියක් විය. එකල අගනුවර සාදයන්හි ඇයගේ නැටුම් නිතරම පවත්වනු ලැබූ බව ඒ පිලිබඳ ලියැවුණු වාර් තාවල සඳහන්ව තිබුණි.ඇයගේ නැටුම් කණ්ඩායම සාදවලට ගෙනඒමට විරුද්ධ පිරිසක්ද අගනුවර ඉහළපෙළේ ඉහළ කුලවලට අයත් යයි සම්මත පිරිස් අතර මහත් විරෝධත්වයක්ද මේ අතර පැනනැගී තිබුණේය.

ශ්‍රීමත් තෝමස් ඇගේ නැටුමට එහා ගිය බැඳීමක් මුල් දිනයේ පටන් ඇති අතර ඇයගේ ආකර්ශනීය රුසපුවට හා සිනහවට වශීව තිබු හෙයින් ආණ්ඩුකාර තැනගේ ඉල්ලීම නිසා බොහෝ සාදවලට ලැවිනියාට ඇරයුම් කර තිබුණි. ඔවුන් අතරතිබු ඒ සම්බන්දතාවය දැඩිවී ගොස් වැඩි කල් නොගොස් ඇය ආදරයෙන් බැඳී ගියේය. ලැවීනියා දැක බලා ගැනීමට ඉඩකඩ ඇති හැකි සෑම සාදයකදිම ලවීනියා ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ අමුත්තන් ඉදිරිපිට නැටුම් ඉදිරිපත්කර තිබු බව පැවසේ.

ඇගේ ආකර්ශනීය සිනහවෙන් මවිතයට පත් වූ අතර වැඩි කල් නොගොස් ඇය සමඟ ආදරයෙන් බැඳී ගියේය. ලැවීනියා පිළිබඳ ඔහුගේ ඇල්ම නිසා ඇයව තවත් දැක බලා ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ඔහු ලබා ගත්තේය.

ශ්‍රී ලංකාවේ, ගල්කිස්සෙහි, ආණ්ඩුකාර මන්දිරය ලංකාවෙහිදී, “ගල්කිස්සෙහි” ස්ථානයක් වෙත මේට්ලන්ඩ්ගේ සිත ඇදී ගොස් ඔහුගේ මන්දිරය එහි තැනීමට තීරණය කලේය.තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා මන්දිරය ඉදිකරන විට ශ්‍රීමත් තෝමස් කොන්ත්‍රාත්කරුට උපදෙස් දුන්නේ ඇගේ නිවසට රහසිගත උමගක් සාදා දෙන ලෙසය. උමගෙහි එක් කෙළවරක් ආණ්ඩුකාරවරයාගේ නිවසේ වයින් කුටියක තිබී ඇති අතර උමගෙහි අනෙක් කෙළවර ලවීනියාගේ නිවස පිහිටි ඉඩමේ තිබූ පානීය ජල ළිඳකට විවෘත විය. පෙම්වතුන් දෙදෙනාම රහසිගතව මුණගැසුණේ බ්‍රිතාන්‍ය නිලධරයකුආණ්ඩුකාරවරයා ලවිනිය වීනියාගේ නිවස ආණ්ඩුකාරවරයාගේ නව නිවසට ඉතා ආසන්නව පිහිටා තිබු දේශීය නැටුම් ගැහැනු ළමයෙකු සමඟ දැකීම සහ ලවීනියා අතර ඇති ආද ගැන දැන සිටියේ නැත. ඔහු ඔහුගේ මන්දිරයේ ඉඳලා ලොවීනාගේ රොඩී ගුබ්බෑයම වෙනකන් උමං මඟක් පවා ඉදිකරනවා. මෙම කතාව රහසක් වූ අතර එංගලන්තයේ බ්‍රිතාන්‍ය නිලධාරීන් හෝ ලංකාවේ ජාතිකයන් කිසිවෙකු ඒ පිලිබඳ තරමක් උත්සුක වුයේ එය එතරම් සාම්ප්‍රදායික එකක් නොවූ බැවිනි.

තෝමස් මේට්ලන්ඩ් ඇගේ ආකර්ශනීය සිනහවෙන් මවිතයට පත් වූ අතර වැඩි කල් නොගොස් ඇය සමඟ ආදරයෙන් බැඳී ගියේය. ලැවීනියා පිළිබඳ ඔහුගේ ඇල්ම නිසා ඇයව තවත් දැක බලා ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ඔහු ලබා ගත්තේය.

ශ්‍රී ලංකාවේ, ගල්කිස්සෙහි, ආණ්ඩුකාර මන්දිරයක් තැනීමට සැලසුම් කළේය. අගනුවර තදබද පෙදෙසක් බවත් එය ආණ්ඩුකාර මන්දිරයකට නුසුදුසු බවත් කියා ලංකාවෙහිදී, “ගල්කිස්සෙහි” ස්ථානයක් වෙත මේට්ලන්ඩ්ගේ සිත ඇදී ගොස් ඔහුගේ මන්දිරය එහි තැනීමට තීරණය කලේය.මෙම කරුණට මුල් වුයේ ලවිනා මෙම ස්ථානයේ මුහුදේ නෑමට පැමිණි ස්ථානයක් බව නිසායයි බොහෝ පොත්පත් ලියු ලේඛකයන් විසින්

යටත් විජිත උරුමයෙන් ඉදි වූ හෝටලය තුල රොඩී කතකට පෙම් බැදි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා.

කොළඹ මවුන්ට් ලැවීනියා හෝටලයට ගොස් හෝ අසා ඇති ඔබ හෝටලයට වසර 200 කට වැඩි ඉතිහාසයක් ඇතැයි කිසි විටෙකත් නොසිතන්නට ඇත. කොළඹ තදාසන්න ප්‍රදේශයක පිහිටා ඇති මෙම යටත් විජිත උරුම හෝටලය එහි විශිෂ්ට ව්‍යුහය හා වාතාවරණය සඳහා ප්‍රසිද්ධය. හෝටලයට ඇතුළු වූ විට ඔබට පෞරාණිකත්වයක් දැනෙන අතර එය පැරණි ලංකාවේ ශ්‍රේෂ්ඨත්වයට ඔබව ගෙන යයි. එම ස්ථානය තම නිවස ලෙස භාවිතා කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ ආදර උරුමය එය ඔබට මතක් කර දෙයි. අද වන විට අසමසම සේවාවක් සහ දක්ෂ කාර්ය මණ්ඩලයක් සහිත හෝටලයක් බවට පරිවර්තනය වී ඇති මෙය මංගල උත්සව සඳහා ජනප්‍රිය ස්ථානයකි.මෙම සම්බන්දතාවය දිවයිනේ පමණක් නොව එකල යටත් විජිත ලේකම් වරයාද දනුව කර තිබු බව ඒ පිලිබඳ වාර් තාවල සඳහන්ව තිබු බව සඳහන්වේ.

පසුකලෙකදී රොඩී ගම්මානය නවීන නගරයක් බවට වර්ධනය වුනත් අදටත් මේ පෙදෙස මවුන්ට් ලැවීනියා ( Mount Lavinia)නමින් හඳුන්වනවා.මේට්ලන්ඩ් ආණ්ඩුකාරවයාත් ලොවීනාත් අතර පැවති ආදර අන්දරය නිසා රටට තිළිණ වූ මවුන්ට් ලැවීනියා හෝටලය මතුවටත් සදා ආදරණිය සිහිවටනයක් වේයයි සඳහන් කල හැකිය.

ජෝර්ජ් රජතුමා ආණ්ඩුකාරවරයාට ඉහතකී අසම්මත ප්‍රේම සම්බන්ධය නිසා තම මව්බිමට නැවත පැමිනෙන ලෙස අණ කළේය.

ඔහු එංගලන්තයට යෑමට නැව් නැගීමට පෙර ඔහුගේ නිල නිවස “ලැවීනියා”ලෙස නම් කරන ලෙසට ඉල්ලා සිටියේ තම ආදරිය සිහිවීම පිණිසය .ඔහුගේ වෙන්වීම දරාගත නොහැකි නිසා ඇය කදු මුදුනින් පහළට පැන සියදිවි හානි කරගත්තාය.

මේ ආදරය මේ තරම් සුන්දරව ගලා යද්දී 1811 වර්ෂයේ පෙබරවාරි මාසේ දවසක එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජ්ජුරුවන්ගෙන් දින මුද්‍රාව සහිත ලිපියක් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට ලැබෙනවා. වහාම ක්‍රියාත්මකවන පරිදි මෙතෙක් දරපු ලංකාවේ ආණ්ඩුකාර ධුරය අත්හිටුවන බවත් හමුදා සේවය සලකා බලා මොල්ටාවේ ආණ්ඩුකාර ධුරය ඔහුට ලබා දෙන බවත් එහි සඳහන් ව තිබු බව වාර්තාවල සඳහන්වේ.

ඉහතකී තීරණයට බලපෑ තිබුන මූලික හේතුව වී තිබුණේ මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් සිය මන්දිරයේ සිට ලොවිනාගේ නිවසේ ළිඳක් යාව තැණු උමං මාර්ගය ගැන ලැබුන පෙත්සමයයි සඳහන්වේ.රජතුමාගේ ලිපිය එකළ යටත් විජිතභාර ලේකම්වරයා දැනුම් දී තිබුණේ මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සති දෙකක් තුල සිය රට බලා නැව් නැගිය යුතු බවය.. ඔහු සිය නැව් නගින්නට පෙර ලියු සටහනක “ මගෙන් පස්සේ එන ආණ්ඩුකාරවයා මේ බංගලාව එයාගේ නිල නිවෙස විදියට පාවිච්චි කරයිද කියලා මං දන්නේ නෑ. එත් මේ බංගලාවට “මවුන්ට් ලවිනියා “ලෙස නම තියන්න යෝජනා කල බව නව ආණ්ඩුකාර තැනට හා යටත් විජිත ලේකම්වරයාට දැනුම් දෙන්න” සඳහන්කර තිබුණි..ඉන් අනතුරුව ලොවිනාත් , බිම්ගෙයි උමගත් , මේට්ලන්ඩ් බංගලාවත් අතහැර දැමු මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණි.. කෙසේ වෙතත් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම අහක නොදමා එම පාලකයන් විසින් බංගලාව මවුන්ට් ලැවිනියා නමින් නම් කරනු ලැබුවේය.

මේට්ලන්ඩ් ආණ්ඩුකාරතුමා දිවයින හැරගිය පසු දින ගණනක් නිරාහාරව ගල්කිස්සේ මුහුද දෙස සිය අහිමි ආදරය ගැන දුකෙන් තැවී තැවී සිටි ලොවීනා මුහුදට පැන සියදිවි නසාගත් බව වාර්තා වල සඳහන්වේ. මේ අතර මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා මොල්ටාවේ පදිංචි වී තනිකඩයෙකු ලෙස ජිවත් වී ඇති බවත් කියවේ. එදා ලොවීනා ජිවත් වුන රොඩී පැල්පත වෙනුවට අද තියෙන්නේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයයි. අද පවා ලොවිනා ගේ අ රුවට සමාන රුවක් හෝටලය අසළත් , ගල්කිස්ස බාලිකාවේ භුමිය තුලදී දැක ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය තුල සනසරණය වෙමින් පවතී.අද මෙම ස්ථානයත් බංගලාවත් යා කරමින් තැනූ උමං මාර්ගය වසා දමා තිබේ. ඒ 1920 වගේ කාලයේදීයයි සඳහන්වේ.පසුකලෙකදී රොඩී ගම්මානය නවීන නගරයක් බවට වර්ධනය වුනත් අදටත් මේ පෙදෙස මවුන්ට් ලැවීනියා නමින් හඳුන්වීම ඉතිහාසගත කරුණකි.

මේට්ලන්ඩ් ආණ්ඩුකාරවයාත් ලොවීනාත් අතර පැවති ප්‍රේම පුරාණය කාලාන්තරයක් තිස්සේ ගලායමින් සිටී.මේට්ලන්ඩ් -ලොවිනා කතාව ගැන මාහැඟි නවකතාවක් වත්මන් ප්‍රවීන කතුවරයෙකුවන මෙහාන් රාජ් මඩවල විසින් ” ලොවිනා” නමින් ප්‍රකාශයට පත්කර ඇත.මේට්ලන්ඩ් ආණ්ඩුකාරවයාත් ලොවීනාත් අතර පැවති ආදර අන්දරය නිසා රටට තිළිණ වූ මවුන්ට් ලැවීනියා හෝටලය කාලාන්තරයක් ලොව පෙම්වතුන්ට ආදරණිය සිහිවටනයක් වෙනු නොනොඅනුමානය.එකී ප්‍රේමයේ උත්තරීතර සිහිවටනය හා උමග හා එහි ප්‍රදර්ශනය වන සිතුවම් අද පවා ගල්කිස්ස මවුන් ලැවීනියා හෝටලයේ දී දැක ගැනීමට මටද හැකිවිය.ඇත්තෙන්ම එය අද පවා එහි උමග තිබු ස්ථානය හා සේයාරු රැසක් එහිදී ඔබට දැකගතහැකිය . මෙම සිහිවටන මෙහි ජිවත්වන පෙමින් වෙළුණු පෙම්වතුන්ට සදා ආදරණිය සිහිවටනයක් වනු නොඅනුමානය.

නීතිඥ ශාන්ත සේනාධීර

ලංකා නිවුස් යු කේ,

All reactions:

1Tilak Ranaweera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here