ලාංකීය සිනමාවේ  නව මඟකට  ගෙන ගොස් ඔපවත් කළ සුමිත්‍රා පීරිස්  ඔබට සුබ ගමන්

Date:

ලාංකීය සිනමාවේ  නව මඟකට  ගොස් එය ඔපවත් කළ සුමිත්‍රා පීරිස්   සිය ගමන් මග අවසන් කළ  පුවත අද (19 දින) පුවත් පත් රැසකින්ම වර්තා කර තිබුණි. අප රටේ බිහිවූ පළමු වන  කාන්තා චිත්‍රපට නිෂ්පාදකවරිය මෙන්ම අධ්‍යක්ෂකවරිය වූ අතර ඇය මිය යනවිට  88 වෙනි වියෙහි පසු වුවාය.ඇය සියල්ලන් විසින් හඳුන්වනු ලැබුවේ  “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙසය.ඇය සිනමා දිවියට අමතරව 1990 දශකයේ අගභාගයේදී ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති ධූරය ද හෙබවූවාය.

ඇය  1934 මාර්තු 24 දින අවිස්සාවේල්ලේ දී  උපත ලබා තිබුණේ  දිවයිනේ දේශපාලන වේදිකාවේ  පෙරළිකාර දැවැන්තයින් රැසක් බිහිකළ බොරළුගොඩ  වලව්වේය.වත්මන් අගමැතිගේ පියාවූ පිලිප්  ගුණවර්ධනගේ ද  රොබට් ගුණවර්ධනගේ සොහොයුරෙකු වූ  ඇගේ පියා හෙන්රි ගුණවර්ධනයන් විය. ඔහු අවිස්සාවේල්ලේ ප්‍රසිද්ධ නීතිඥවරයෙකු වූ අතර මව  ඇගේ මව හැරියට් වික්‍රමසිංහ  නම් විය. මේ පවුල,  බොරළුගොඩ  වලව්ව,  දිවයිනේ වාමාංශික දේශපාලනයේ  එක්තරා සංදිස්ථානයක් ලෙසද හඳුන්වා දිය හැකිය.දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ ප්‍රසන්න ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව  නියෝජනය කළ වත්මන් දේශපාලනඥයෝ වෙති. සුමිත්‍රාට යන්තම් වයස අවුරුදු 14 දී ඇගේ මව මිය ගියාය.

සුමිත්‍රා අවිස්සාවේල්ලේ අධ්‍යාපනය ආරම්භ කර පසුව කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වූ අතර අවසානයේ ලන්ඩන් උසස් පෙළ කිරීමට කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයට ඇතුළත් වූවාය. ඇගේ වැඩිමහල් සොහොයුරා වන ගාමිණී හමුවීමට.ප්‍රංශයට ගොස් තිබු අතර අනතුරුව ඇය සහෝදරයන්ගේ  මග පෙන්වීම අනුව ලන්ඩනයට ගොස්  සිනමාව පිලිබඳ  ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා  තිබුණි.වැඩි දුරටත් ඇය ලන්ඩන් චිත්‍රපට තාක්‍ෂණ පාසලෙන් චිත්‍රපට නිෂ්පාදනය හැදෑරූ බව සඳහන් වේ. ඇයගේ  දක්ෂතා අනුව එම පාසල මගින් ඇයට චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමාවක් (1957-1959) පිරිනමන ලද බව සඳහන් වේ. එකල එහි මේ විෂය හදාරමින් සිටි එකම කාන්තාව ඇය විය.ඇය කෙටි කාලයක් සඳහා උපසිරැසි සමාගමක් වන මේ හැරිස් සමාගමෙහි හි වැඩ කිරීමට පටන් ගත් අතර පසුව ශ්‍රී ලංකාවට පැමිණියාය. ලෙස්ටර්ගේ සහ සුමිත්‍රාගේ අන්‍යෝන්‍ය මිතුරෙකු වූ වර්නන් මෙන්ඩිස්ගේ නිවසේදී ඇයට තම අනාගත සැමියා මුණගැසුණේ ඇය පිටත්ව යාමට ටික වේලාවකට පෙරබව සඳහන් වේ.

ඇය ලංකාවට පෙරලා පැමිණි පසු සුමිත්‍රාගේ සොහොයුරු ගාමිණී ලෙස්ටර් ජේම්ස් පිරිස් ට  හඳුන්වා දී තිබුණි. ඇගේ  වැඩ කිරීමට ඇති හැකියාව පරීක්ෂා කළ ලෙස්ටර්  සුමිත්‍රා ඔහුගේ දෙවන චිත්‍රපටය වන සංදේශයේ සහාය අධ්‍යක්ෂකවරිය  ලෙස බඳවා ගෙන තිබුණි.මෙම චිත්‍රපටියෙන්  පසුව 1963 දී ඇන්ටන් වික්‍රමසිංහ, ලෙස්ටර් සහ සුමිත්‍රා ප්‍රධාන කොටස්කරුවන් ලෙසින් සිනෙලංකා නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන ලදී.

ඇය ලන්ඩන් චිත්‍රපට තාක්‍ෂණ පාසලෙන් චිත්‍රපට නිෂ්පාදනය හැදෑරූ අතර චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමාවක් (1957-1959) පිරිනමන ලදී. එකල එහි මේ විෂය හදාරමින් සිටි එකම කාන්තාව ඇයයි. විශ්‍රාම යාමෙන් පසු, ඇය කෙටි කාලයක් සඳහා උපසිරැසි සමාගමක් වන (Mai Harris )හි වැඩ කිරීමට පටන් ගත් අතර පසුව ශ්‍රී ලංකාවට පැමිණියාය. ලෙස්ටර්ගේ සහ සුමිත්‍රාගේ අන්‍යෝන්‍ය මිතුරෙකු වූ වර්නන් මෙන්ඩිස්ගේ නිවසේදී ඇයට තම අනාගත සැමියා මුණගැසුණේ ඇය පිටත්ව යාමට ටික වේලාවකට පෙරය.

පසුව ඇය ලංකාවට පැමිණි පසු සුමිත්‍රාගේ සොහොයුරු ගාමිණී ලෙස්ටර් අමතා ඇගේ නැගණිය ඔහු සමඟ රූගත කිරීමක වැඩ කිරීමට ඇති හැකියාව පරීක්ෂා කළේය. ලෙස්ටර් එකඟ වූ අතර සුමිත්‍රා ඔහුගේ දෙවන චිත්‍රපටය වන සංදේශයේ සහය අධ්‍යක්ෂක ලෙස වැඩ ආරම්භ කළේය. පසුව 1963 දී ඇන්ටන් වික්‍රමසිංහ, ලෙස්ටර් සහ සුමිත්‍රා ප්‍රධාන කොටස්කරුවන් ලෙසින් සිනෙලංකා නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන ලදී.

ඇයගේ වෘත්තීය සිනමා ජීවිතය මෙම ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ විවාහයත්(1964) සමග අලුත් මගකට අවතීර්ණ වුවාය.සුමිත්‍රා ඇගේම සිනමා අධ්‍යක්ෂකවරය ආරම්භ කළේ ඇගේ පළමු චිත්‍රපටය එකළ  දිවයිනේ ඉතා ජනප්‍රිය නව කතා කරුවකු වූ කරුණාසේන  ජයලත්ගේ නවකතාව සිනමාවට ගෙන ඒමට කටයුතු කළේය. ගැහැණු ළමයි චිත්‍රපටයෙන් තරුණ වසන්ති චතුරානි නම් නවක නිළියක්   අප සිනමාවටය විසින් හඳුන්වා දුන්නේය.. මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳදැමූ  ජනප්‍රිය එකක් වූ අතර එකල පැවති චිත්‍රපට උළෙලවල සම්මාන රාශියක් ලබා ගැනීමට සමත් විය. වසන්ති චතුරානි, විජය කුමාරතුංග සහ සනත් ගුණතිලක රංගනයෙන් දායක වූ ඇගේ මීළඟ චිත්‍රපටය වන ගංගා අද්දර චිත්‍රපටය තවත් බොක්ස් ඔෆිස් හි ජයග්‍රහණයක් විය. පසුව ඇය තවත් බොහෝ වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති අතර ඒවා සියල්ලම ජාත්‍යන්තර පිළිගැනීමට ලක් විය.මින් අනතුරුව ඇය  විසින් ගැහැණු ලමයි{1978 } ගංගා අද්දර.(1980)යහළු යෙහෙලි (1982 )මායා  .(1984 )සාගර ජලය මැද හැඬුවා  ඔබ හන්ඳා (1988)  ලොකු දුව (1996) දුවට මවක මිස(1997) සක්මන් මළුව (2003)  වෛෂ්ණවී(2018 }චිත්‍රපටි රාශියක්  අයගේ අධ්‍යක්ෂණයෙන් තිරගතවිය.

ඇය තරම් සම්මානයට ලංකාවේ හෝ ජාත්‍යන්තර සම්මාන ලැබූ සිනමා කරුවෙකු වූවානම් ඒ ඔහුගේ සැමියාවූ ලෙස්ටර් ජේම්ස් පිරිස් වේ, ඇය ලද සම්මාන රැසකි. දේශීය සිනමාවට ඇය කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. ශ්‍රී ලංකා රජය විසින් කලා කීර්ති නාමය.2005 දී ප්‍රධානය කර තිබිණි.

2021 දී ජපාන රජය විසින් නැඟෙන හිරු, රන් සහ රිදී කිරණ ජාත්‍යන්තර සම්මානයද,Carthage International Film Festival – ගැහැණු ළමයි.- Diploma of Merit (1978), ජූරි සම්මානය ඉන්දියාවේ මිරිනාල් සෙන් සමඟ බෙදා ගෙන තිබුණි.ලන්ඩන් චිත්‍රපට උළෙල – Gehenu Lamai – වසරේ විශිෂ්ටතම චිත්‍රපටය (1978)ජපානයේ ටෝකියෝ හි දකුණු ආසියානු සිනමා උළෙල – ගංගා අද්දර – ඩිප්ලෝමාව

මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – යහලු යෙහෙලි – ඩිප්ලෝමාව (1984), ජර්මානු රූපවාහිනී නාලිකාවක් විසින් 1986 දී මෙම චිත්‍රපටිය මිලදී ගන්නා ලදී. Filmex International Film Festival, Los Angeles – Yahalu Yeheli – Diploma ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ටෝකියෝ – සාගර ජලය – ජපන් රූපවාහිනී මධ්‍යස්ථානයක් විසින් මිලදී ගත් හොඳම චිත්‍රපට දහයෙන් එකක්නැන්ටෙස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – ලොකු දුව – ඩිප්ලෝමාව (1993) ෆුකුඕකා ජාත්‍යන්තර සිනමා උළෙල – ලොකු දුව (1994)


ලන්ඩන් චිත්‍රපට උළෙල – දුව මවක මිස – ඩිප්ලෝමාව (1998),ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ඉන්දියාව – Duwata Mawaka Misa (1998) Fukuoka ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – Duwata Mawaka Misa (1998) ගෝල්ඩන් ලෝටස් – “ආසියානු සිනමාවට දායකත්වය” සඳහා ඩෝවිල් සම්මානය (2001)ය ලබා ගෙන තිබු බව අන්තර් ජාල වාර්තාවල සඳහන්වේ,

ඇය ලද ජාතික සම්මාන අතර ගම්පෙරළිය – සරසවිය සිනමා සම්මාන (1964)
හොඳම සංස්කාරක: දෙලොවක් අතර – සරසවිය සිනමා සම්මාන (1967)
අහසින් පොළවට – ජනාධිපති සම්මාන (1979) සහ OCIC සම්මාන (1979) බක්මහ දීගේ – විචාරක සම්මාන (1971)යනදී සම්මාන රැසකි.

1980 ගණන්වලදී, සුමිත්‍රා ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ගැටලු, සංඛ්‍යාලේඛන, මහජන අදහස් සහ නිර්දේශ වැනි කර්මාන්තයේ සියලු අංශ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා වසර දෙකක කාලයක් ජනාධිපති කොමිසමේ සාමාජිකාවක් වූවාය. ඇය ලොව සුප්‍රකට සිනමා සමාගමක් වූ වර්ල්ඩ්වීව් දිවයිනේ නිෂ්පාදනය භාරව සිටියාය.

මට ඇය  කිහිප විටක්ම  රීගල් සිනමා මංගල දර්ශන වලදී මුණගැසී තිබුණි.මට වරක් මුණගැසුණේ  මා දිවයිනට පැමිණි අවස්වතාකදී   ලයනල් වෙන්ට් රඟහලේදීය. ඇය එම චිත්‍ර ප්‍රදර්ශනයේ ප්‍රධාන අමුත්තා විය. මා ඒකල  සේවය කළේ  ලන්ඩනයේ ඇයගේ  සොහොයුරු ගාමිණී (කුමු )ගුණවර්ධනයන්ගේ මිතුරෙකුවූ රන්ජිත් බර්නාඩ් මෙන්ඩිස්  ගේ නීතිඥ  සමාගමහිය.මෙම සමාගමට ලන්ඩනයට  ඔවුන් පමණි හැම විටම  එහිගොඩවී  යාමට අමතක  නොකළේය.කුමු  ප්‍රංශයේ කළක්  ජීවත්වුයේ බෝට්ටුවකය.ඔහු ලංකාවේ ටාඕස්  බෝට්ටු සමාගමේ අයිතිකරු විය.අනතුරුව ස්කොට්ලන්තයේ ඉතා දුෂ්කර කඳුකරයක ජීවත්වූ ඔහු ලන්ඩනයට පමණි බොහෝ වතාවල අප හා  සුමිත්‍රා ගැන සිය කුඩා අවදිය ගැන බොහෝදේ  පවසා තිබුණි. ඔහු මගෙන් නරිබෑනා ,සිංහබාහු මනමේ නාට්‍යවල ගී ඉල්ලා ගෙන  මාලවා ගැයවූ  බව මා සුමිත්රාට පැවසූ අයුරු මට අද මෙන් සිහිවේ.සුමිත්‍රා සිය සොහොයුරන්ට ඉතා ලෙන්ගතුවූ තැනැත්තියක් වුවාය.ඇය  මගේ කතාවට ඉතා ආශාවෙන් සවන්දුන් අයුරු මට අදමෙන් මතක්වේ.

ලෙස්ටර්ගේ අභාවයෙන් පසු සුමිත්‍රා සිනමා කටයුතුවලින් ඉවත්වී තිබුණි. කලක් ඇය  රෝගාතුරවී ද සිටි බවක් පුවත්පත් වාර්තාවල සඳහාව තිබුණි.අපේ සිනමාවේ කාන්තාවක් ලෙස පැමිණ එය අතික්‍රමණය  කළ ඇය   තරම් විශාල මෙහෙයක්  ඉටු කළ  කෙනෙකු දිවයිනේ මෙතෙක් බිහිවී නැත.ඇය 1990 දශකයේ අගභාගයේදී ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති ධූරය ද හෙබවූවාය. ඔබ වැන්නෙකු  අපෙන් ගිලිහීයාම ගැන අපි සදා කණගාටුවෙමු.එහෙත් එය ලෝක ධර්මතාවයකි.ඔබෙන් ඉටුවූ සේවා අප සදා සමරනු ඇත.

සුමිත්‍රා පිරිස් මහත්මියනි අප ඔබට නිවන්සුව පතන්නෙමු.

ඔබට සුභ ගමන්.

ශාන්ත සේනාධීර  -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

Cristiano Ronaldo football’s first billionaire player

Cristiano Ronaldo football’s first billionaire playerBy Ceylon Today -October...

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි By Anjali Withanage...

අක්කර දහස් ගණන් හිමි ප්‍රභූ පෙළැන්තියක් නිර්මාණය වූයේ කෙසේද?

අක්කර දහස් ගණන් හිමි ප්‍රභූ පෙළැන්තියක් නිර්මාණය වූයේ කෙසේද?කොම්ප්‍රදෝරු...