ලක්ෂ 12ක නෝට්ටු ගිල දැමූ සුරතලා

0
356

ලක්ෂ 12ක නෝට්ටු ගිල දැමූ සුරතලා
ARUNA LK NEWS
06 January 2024

ලක්ෂ 12ක නෝට්ටු ගිල දැමූ සුරතලා

නිවසක සුරතලයට ඇති කරන බලු පැටවකු හිමිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු සපාකා විනාශ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

පෙන්සිල්වේනියාවේ කරන මෙම බලු පැටවා ගෝල්ඩන් පුඩ්ල් වර්ගයට අයත් වන අතර නම සිසිල් ය.

බලු පැටවා සපා කෑ ඇති මුදල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 12කට අධිකය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට,බලු පැටවාගේ හිමිකරුවන් වන Clayton සහ Carrie කොන්ත්‍රාත්කරුවකු සඳහා වෙන්කළ මුදල් සිසිල් විසින් මෙලෙස ආහාරයට ගෙන ඇත.

මුදල් නෝට්ටුවලින් කොටසක් සිසිල් ආහාරයට ගෙන ඇති අතර, තවත් කොටසක් ඉරාදමා තිබියදී හමුවී තිබේ.

කැබලි බවට පත්ව තිබූ නෝට්ටුවලින් කිහිපයක් Clayton විසින් බැංකුවට දී නව මුදල් නෝට්ටු ලබාගැනීමට පියවර ගෙන ඇති බවද විදෙස් ජනමාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here