ලක්දිව පළමු ජනාවාසයේ වතගොත සෙවීම අරඹයි

0
349


LANKADEEPA LK NEWS
(අංජුල මහික වීරරත්න)
කතෘ මණ්ඩලය 2023 ජුනි මස 17


ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියවෙන මල් වතු ඔය ආශ්‍රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.


ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමති විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුවය.

මෙම ප්‍රදේශ ආශ්‍රිතව යළි ගවේෂණය කොට පුරා විද්‍යා නටබුන් සහ සංරක්ෂණය කළයුතු ස්ථාන හඳුනා ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ කටයුතු ආරම්භ කරනු ඇත.

කෝට්ටේ රාජධාරිනියේ නටඹුන් යළි ගවේෂණය කරන ලෙස ඉල්ලා ඇතත් එය කළ නොහැකිව ඇත්තේ එම භූමිය මේ වන විටත් දැඩි ජනාවාසකරණයකට ලක්වීම නිසාවෙන් බව වාර්තාවේ.

මෙයට අමතරව තිරියාය විහාරස්ථානය අසල තිබූ වරාය ගැනත් ඒ අවට ඇති ජනාවාස මෙන්ම තිරියායේ සිට හොරොව්පතාන දක්වා පැවැති ජල හා භූමි මාර්ගය ගැනත් සවිස්තරාත්මක ගවේෂණයක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here