
ARUNA LK NEWS
04/05/23- 4 hours ago
ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි එක් පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත්විය.
ඒ අනුව ඇෆ්ගනිස්තාන සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 191ක් පමණි.
අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්විය.
දුෂ්මන්ත චමීර පන්දුවාර 7ක් යොමුකර ලකුණු 18ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.
මහීෂ් තීක්ෂණ සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස්කරගැනීමට සමත්විය.