ලංකාවට එන සංචාරකයින් ගණන මුල් දෙමස තුළ දෙලක්ෂ ඉක්මවයි

0
380


Photograph from Sri Lanka travel pages FB

මේ වසරේ ජනවාරි ,පෙබරවාරි දෙමස තුළ මෙරටට විදේශ සංචාරකයින් ලක්‍ෂයකට අධික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය  විසින් ප්‍රකාශයට පත් කරනලද වාර්තාවක සඳහන්වේ.ජනවාරියේදී 102545 ක්ද,පෙබරවාරියේදී 107639 ක් ද දිවයිනට පැමිණ තිබේ.

දිවයිනට වැඩි පුරම  සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම වාර්තා අනුව  පසුගිය මාසයේ  රුසියානුවන් 54,338ක්ද, ඉන්දියාවෙන් 27,243ක්ද .එක්සත් රාජධානියෙන් 17,058 ක්ද,ජර්මනියෙන් 16,147 ද. ප්‍රංශයෙන් 10,958, හා ඕස්ට්‍රේලියාවෙන් 6781  පැමිණ  ඇතැයි සඳහන්වේ.දිනකට කටුනායක ගුවන්  තොටුපළට  සංචාරකයින් 4000 පමණ මේ දෙමස තුළ  පැමිණ ඇතැයි එම වාර්තාවල  සඳහන් වේ.මිට අමතරව කැනඩාව, ඇමෙරිකාව ,මාලදිවයින  බංගලා දේශය සහ ඊශ්‍රායලය යන රටවලින්ද සංචාරකයන් වැඩි සංඛ්‍යාවකත් පැමිණ ඇති බවත් එම අධිකාරිය වැඩි දුරටත් වැඩිදුරටත් සදහන් කරයි. 

මෙම සතියේ දී  චීනයේ  සංචාරක 400 අධික  පිරිසක්ද දිවයිනට  ළඟාවූ   අතර  කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව  දෙවසරකට  අධික  කාලයකට  පසුව මෙරටට චීනයෙන් කටුනායක ගුවන්  තොටුපළට ශ්‍රී ලංකා  ගුවන් යානයකින් පැමිණ තිබුණි.මෙම උත්සවයට සංචාරක හරින් ප්‍රනාන්දු ඇමතිවරයා  ද සහභාගී විය. ඔහු සඳහන් කර  ඇත්තේ චීනයෙන් ඉදිරි මාසකිහිපයතුළ  සංචාරකයින්  විශාල පිරිසක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.2022 වසරේ සැප්තැම්බර් මසදී රුපියල් මිලියන 54ක්ද, ඔක්තොබර්හිදී මිලියන 76 ක්ද, නොවැම්බර් හිදී මිලියන 81ක්ද, දෙසැම්බර් හිදී මිලියන 127  ආදායමක් උපයාගෙන තිබු බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. 

ඇමතිවරයා  සියලුම දේශපාලන පක්ෂවලින් මෙහිදී ඉල්ලා සිටියේ   මෙම සංචාරකයනට ඔවුන්ගේ විවේකය  සුව පහසුව 

 බාධා නොවන පරිදි ජනරැලි අරගල පවත්වන්නයි ඉල්ලීමක්ද සිදුකළේය.තමාගේ අරමුණ මේ ගණන  ලක්ෂ 5 දක්වා ඉහලට නවා ලීම බවත් ඒ මුදල අප රට ණයට  ගන්නා මුදල හා සමාන බවත් සදහන් කර තිබුණි.

ශාන්ත -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here