රිය අනතුරින් මව-දියණිය මරුට

0
340

රිය අනතුරින් මව-දියණිය මරුට

Lankadeepa LK News

( බී.ජී. චතුරංග )

කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 21

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්‍රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි.

එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here