රට විරුවන් එවන මුදල් 16.3%කින් වැඩිවෙලා

0
86

රට විරුවන් එවන මුදල් 16.3%කින් වැඩිවෙලා

27 March 2025 | අශිකා ජයවීර

පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇත.

අනුව පෙබරවාරි මාසයට අදාළව විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 548.1 කි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ 2024 වසරේ මුල් මාස දෙක තුළ ලද ප්‍රේෂණ වටිනාකම් වූ ඩොලර් මිලියන 963.7 ක් බවය .

පසුගිය වසර හා සැසඳීමේදී එය 16.3% වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ සඳහන් වන බවය.

මහ බැංකු සතිපතා ආර්ථික දර්ශක වාර් තාවට අනුව මෙම වසරේ පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121 වේ.

එමෙන්ම 2024 වසරේදී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 6.6 ක් වූ අතර මේ වර්ෂයේ දී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 7 දක්වා වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියි. (Aruna lk News)

May be an image of ‎money and ‎text that says "‎රට විරුවන් එවන මුදල් 16.3%කින් වැඩිවෙලා 27 March 2025 අශිකා ජයවීර O0L 집 00001225211 OIG O0% 396730075 DON DT 08:252n1 불코NG CSM 能220以 መጥ Lees blЖAHE6ИИИH NRYPIOI ጠጣኜ '2ง 20 EURO ن CYP ಡಿ יחח WO0e NB 623 siNa‎"‎‎

Like

Comment

Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here