රට ඉන්න ලාංකිකයන්ට TIN ගැන දැනුම්දීමක්

0
299

රට ඉන්න ලාංකිකයන්ට TIN ගැන දැනුම්දීමක්
ARUNA LK NEWS
15 January 2024 | සාලිය කුමාර ගුණසේකර

රට ඉන්න ලාංකිකයන්ට TIN ගැන දැනුම්දීමක්
විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත පැවසීය.

විදෙස් රටක සිටින අයකු ශ්‍රී ලංකාවෙන් යම් ආදායමක් උපයා ගන්නේ නම් (බැංකුවල ස්ථිර තැන්පතුවලින් පොලී ආදායම්, කුලී ආදායම් හෝ වෙනත් ආකාරයක ආදායමක් උපයන සහ එම ආදායම වසරකට රුපියල් ලක්ෂ 12 ඉක්මවන පිරිස) අනිවාර්යයෙන්ම ටින් අංකය ලබාගත යුතු බවද ඔහු කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව අතර විශාල උනන්දුවක් පවතින බවත් වාහන ලියාපදිංචිය සම්බන්ධව තොරතුරු ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෝටර් රථ දපාර්තමේන්තුව සමග පරිගණක ජාලගත කිරීමට නියමිත බවත් ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා රේගුව සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පරිගණක ජාලගතකර තිබෙන බැවින් ආනයන සහ අපනයන සම්බන්ධ සියලු තොරතුරු දෙපාර්තමේන්තුවට ලැබෙන බවද නියෝජ්‍ය කොමසාරිස්වරයා කීවේය.

එලෙස සියලුම ආයතන සමග ජාලගතවීමෙන් සැඟවී සිටින බදු නොගෙවන්නන් හඳුනාගැනීමට හැකි බවද ඒ මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here