රටේ පවුල් 22%ක් එදා වේල කන්නේ ණයට

0
279

රටේ පවුල් 22%ක් එදා වේල කන්නේ ණයට
වැඩි විස්තර 👉 https://tinyurl.com/2zvtm3h8
#Divaina #DivainaNewspaper #DivainaDaily #DivainaNews #DivainaOnline
25/07/24
රටේ පවුල් 22%ක් එදා වේල කන්නේ ණයට
July 25, 2024

ගෘහ ඒකක සමීක්ෂණ වාර්තාවෙන් හෙළිවෙයි
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතුරින් සියයට සියයට 22ක් ණයගැතිභාවයට පත්ව ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ගෘහඒකක සමීක්ෂණ (2023) වාර්තාවේ සඳහන් වෙයි.

ණයගැතිතාවයේ ඉහළම අනුපාතය වාර්තා වන්නේ උකස් කටයුතු සඳහා වන අතර උකස් කටයුතුවලින් සියයට 31 ණය ලබා ගෙන ඇත. එමෙන්ම මෙරට පවුල් අතුරින් සියයට 22.3ක් ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි. රජයේ හා පෞද්ගලික බැංකුවලින් සියයට 21.9ක්, සමෘද්ධි ප්‍රජාමුප බැංකු මගින් සියයට 7.1ක්, මුදල් ණයට දෙන අයගෙන් සියයට 9.7ක්, මූල්‍ය හා ලිසිං ආයතනවලින් සියයට 8.7ක්, ණය ලබාගෙන තිබුණි. එමෙන්ම පවුල් ඒකකවල ණයගැති භාවය ඉහළ මට්ටමක පැවැතීම නිසා ඇති වන ආතතිය හා මූල්‍ය පීඩනය මානසික යහපැවැත්මට ද බලපානු ලබන බව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි ගාල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here