රටපුරා පෞද්ගලික රෝහල් දසදහසක්

0
311

රටපුරා පෞද්ගලික රෝහල් දසදහසක්

ARUNA LK NEWS -| වරුණි පෙරමුණ

21/10/23


දිවයින පුරා පෞද්ගලික වෛද්‍ය ආයතන සහ රෝහල් දසදහසක් ඇති බව අනාවරණ වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ දෙදහස් දෙසීයක් බව අනාවරණ වෙයි.

එම සභාවේ ලේකම් සහ පෞද්ගලික රෝහල් සංවර්ධනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් එච්. ලියනගේ ප්‍රකාශ කළේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් සහ සෞඛ්‍ය ආයතන අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවත්, එසේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් සහ ආයතනවලට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි.

2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචිය පිළිබඳ පනතෙහි නියමයන් ප්‍රකාරව මෙරට සියලු පෞද්ගලික වෛද්‍ය ආයතනවල සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් පෞද්ගලික සෞඛය සේවා නියාමන සභාවේ අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතුය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here