
News.lk
ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් විසින් තත්පර 6.66කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
මෙම දක්ෂතාව මෙම තරග වාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.
මේ අතර මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයක දී ද ඔහු විසින් තත්පර 6.69කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.