
‘යාගි’ සුළි කුණාටුව: මියන්මාරයේ 100කට අධික පිරිසක් මරුට
Mawbima lk news
By Anjali Withanage -සැප්තැම්බර් 16, 2024
මියන්මාරයට බලපෑ ඇති ‘යාගි’ සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 64 දෙනෙකු අතුරුදන් වී ඇති බව ය.
සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 320,000 අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, පසුගිය සිකුරාදා (සැප්. 13) වන විට සුළි කුණාටුව හේතුවෙන් නිවාස 66,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ත් පාසල් 375ක් සහ ආරාම ද විනාශ ඇති බව ත් ය.
තව ද, බොහෝ මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් ද ජලයෙන් යටවී ඇති බව එම මාධ්‍ය තවදුරට ත් වාර්තා කරයි.
වියට්නාමය, ලාඕසය, චීනයේ හයිනාන් දූපත සහ පිලිපීනය යන රටවලට යාගි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර මෙම වසර තුළ ආසියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වේ.